තිත් පෙළ යෙදීම ... හා ....
 

තිත් තුන (…)
උධෘත පාඨයකින් මුල හෝ මැද හෝ කොටසක්‌ අත් හළ බව දැක්‌වීමට යෙදේ.
‘…නිරිඳෝ වෙන කොයින්දා’
‘මා වැනි බිලින්දා……නිරිඳෝ වෙන කොයින්දා’

ප්‍රකාශයක හිස්‌ තැන් දැක්‌වීම සඳහා යෙදේ.

කොළඹ සිට මහනුවරට දුර කිලෝමීටර්…කි.

අදහසක්‌ අවධාරණය කරනු සඳහා යෙදේ.
කළුවරක්‌…තනි තරුවක්‌ …අඳෝනා හඬක්‌…හුදෙකලා බිලිඳෙක්‌

තිත් හතර (….)
උද්ධෘත පාඨයකින් අග කොටස්‌ අත්හළ බව දැක්‌වීමට යෙදේ.
‘මා වැනි බිලින්දා
වර වර ළඟට කැන්දා
දුක්‌ සැප කුමන්දා….’
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ…තිලෝ ගුරු බුදු වු මම් මැ වේ දැයි….

(c) Shilpa Sayura Foundation 2006-2017