කොහොඹා කංකාරියේ ඓතිහාසික පසුබිම දේශීය සංස්‌කෘතියේ මූලාරම්භය තෙක් පැරණි බව ඒ හා බැඳි පුරාවෘත හා මුඛ පරම්පරාගත කථාවලින් පැහැදිළි වේ. එය අනෙකුත් සංස්‌කෘතික අංගයන් සේම කලින් කලට විවිධ ස්‌වරූපයෙන් වෙනස් වෙමින් හැඩ ගැසෙමින් අද්‍යතන ස්‌වරූපයට පත් වී තිබේ. ඇතැම් අයගේ මතයට අනුව කොහොඹා කංකාරියේ වර්තමාන ස්‌වරූපය " කෝට්‌ටේ " යුගයෙන් ආරම්භ වූවකි.
කෙසේ වෙතත් කොහොඹා කංකාරිය ප්‍රායෝගික භාවිතයෙන් පවත්වාගෙන ආ සමාජ ස්‌ථරය දෙස බලන කල අපට පැහැදිළිව පෙනී යන කරුණක් නම්, එය කෘෂි කාර්මික අර්ථ ක්‍රමයෙන් පෝෂණය වූ ගැමි සමාජයේ දායාදයක් බවයි. ඔවුන් අතර තීබූ සහයෝගය, සමගිය, අන්තර් සම්බන්ධතාව, ආගන්තුක සත්කාරය වැනි විවිධ සාරධර්ම කොහොඹා කංකාරි යාග ශාන්ති කර්මය තුළින් මතු වී පෙනේ.
කොහොඹා කංකාරිය වාර්ෂික මංගල්‍යයකි. එය පවත්වන්නේ අස්‌වැන්න කපා පාගා ගැනීමෙන් පසුව එළඹෙන සරුසාර ආර්ථික පසුබිමකින් සහ නිදහස් වාතාවරණයක් පවතින කාල වකවානුවක ය. බොහෝ විට කොහොඹා කංකාරිය පෞද්ගලික කාර්යයකට වඩා පොදු කාර්යයක් බවට පත් වූයේ නිවෙසක පෞද්ගලිකව පැවැත් වු අවස්‌ථාවක දී වුව ද ගමේ සියලු දෙනාගේ ම සහාය එයට නොමඳව ලැබෙන හෙයිනි.
කොහොඹා කංකාර ශාන්ති කර්මයක් පැවැත්වමේ දී
* ගමේ සියලුදෙනා එක් වී දෙවියන් වෙනුවෙන් වී සහල් රැස් කරති. බත් බුලත් සපයති.
* සියල්ලෝම ඒකරාශී වී අවශ්‍ය අඩුම කුඩුම සපයා ගනිති. අවශ්‍ය මඩු කූඩාරම් ඉදි කරති.
* සැරසිලි සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය රැස් කරති.
මෙසේ සාමුහිකව කටයුතු කිරීම මගින් එය ගමේ වාර්ෂික මංගල්‍යයක් බවට පත්විය. ගම්වැසියන් එක් කළේ, සමගි කළේ එකී ක්‍රියාවලිය මගිනි.
කප් සිටුවීම, මඩුවේ මුල් කනු සිටුවීම ආදී සියලුම කටයුතු ඉටු කරන ලද්දේ " සුබ නැකැත් " නැතහොත් හෝරාවන් අනුව ය. ඒ පිළිබඳව ඔවුන් තුළ විශ්වාසයක් හා භක්‌තිමත් පිළිගැනීමක් ද විය. විශ්වාසයන් පිළිගැනීමත් මත එමගින් සාර්ථක ප්‍රතිඵල ද උදාවිය. ඒ නිසාම ඔවුන් සාම්ප්‍රදායික විශ්වාසයත් හා පිළිගැනීම් නැසී යාමට ඉඩ නොදී රැක ගත්හ. තමන්ගේ ඇඳහීම් හා විශ්වාස ශාන්ති කර්ම තුළ අන්තර්ගත කිරීම, ඒවා පවත්වාගෙන යන්නට, ආරක්‌ෂා කර ගන්නට යොදාගත් සාර්ථක උපාය මාර්ගයක් විය.
එපමණක් නොවේ තමන් එදිනෙදා ජීවිතයේ දී හුරු කළ සාරධර්ම එකී ශාන්ති කර්ම වත් පිළිවෙත් හා බද්ධ කරන්නට ඔවුහූ උත්සුක වූහ.
කොහොඹා කංකාරියේ චාරිත්‍ර අපට කියා දෙන්නේ අපේ අතීත මී මුත්තන්ගේ හැදියාවයි. ඔවුන්ගේ සංස්‌කෘතියයි. ඔවුන්ගේ සමාජ සංස්‌ථාව තුළ ස්‌ථාපිතව පැවති චර්යා ධර්මතායි.