තනි උඩුකොමා (‘ ‘) ප්‍රකෘති භාෂණයකට නොහොත් උද්ධෘත පාඨයකට අන්තර්ගත තවත් ප්‍රකෘති භාෂණයක් උද්ධෘත පාඨයක් නොහොත් විශේෂ ව්‍යවහාරයක් දැක්‌වීමට යෙදේ.
"නිව්ටන්, ‘මහා සයුර මා ඉදිරියේ වැතිරෙත් ම මම එහි වෙරළේ බෙල්ලන්
ඇහිදින්නෙකු වැනියැ'යි කී” යනු ඒ ග්‍රන්ථයේ සඳහන් වෙයි.
"ඒ දියවැල හැඳින්වෙන්නේ 'කුරුසිවෝ' යනුවෙනි" යි ශිෂ්‍යයා පිළිතුරු දිනි.
නාට්‍ය රචනයේ දී සංවාද දැක්‌වීම සඳහා උඩුකොමා යෙදීම අනවශ්‍ය ය.
ලතින්, ඉංග්‍රීසි ආදී භාෂා භාවිතයේ පවතින සංවෘත දීර්ඝය දැක්‌වීම සඳහා යෙදේ.
තන්බ'ජියා (Thunbergia)
බ'ලින් (Berlin)
අ'නස්‌ට් (Ernest)
ම'ම (murmur)
ස' (Sir)
මේ සඳහා ‘(ර්)’ යෙදීම ද මැනවි
බ(ර්)ලින් (Berlin)
ව(ර්)ස් (verse)
ස(ර්)විස් (service)
ශිල්ප 64