රඟමඬල හා සැරසිලි
 

රංග මණ්‌ඩලය
 කොහොඹා කංකාරියේ රඟ මඬල සඳහා ඉදි කරනු ලබන මඩුව දිගින් හැට රියනක්‌ සහ පළල තිස්‌ රියනකින් යුක්‌ත ය. මෙම මණ්‌ඩපය විවිධ ආකාරයෙන් සැරසිලි මගින් අලංකාර කරනු ලැබේ. තැඹිලි, පොල්, නවසි වැනි ගෙඩි වලුවලින්ද පොල්, පුවක්‌ වැනි මල් වර්ගවලින් ද උඩු වියන් ආදියෙන් ද මෙම මඩුව සරසනු ලැබේ.
 
 අයිලය සහ යක්‌ගෙය
 කංකාරි මඩුවේ කෙළවරක ඉදි කරනු ලැබේ. එහි මහල් දෙකකින් යුත් යහනක්‌ සාදා උඩු මහලේ දේවභාරණ සහ අවුපත් ආදිය තැන්පත් කරනු ලැබේ. පහත මාලයේ පැහිදුම් පෙට්‌ටිය තබනු ලැබේ. මෙම යහන නිර්මාණය කරනු ලබන්නේ ලී කෝටු, පට්‌ටා, කෙසෙල් පතකුරු සහ ගොක්‌කොළ යනාදී අමු ද්‍රව්‍ය යොදා ගැනීමෙනි. 
 

(c) Shilpa Sayura Foundation 2006-2017