ගුරුගෙ මාලාව
ගුරුගෙ මාලාව වූ කලී කොහොඹ කංකාරියේ එන ප්‍රථම නාට්‍යමය අවස්‌ථාවයි. ගුරුගෙ මාලාව කොටස් දෙකකින් යුක්‌ත ය. මෙහි ප්‍රථම භාගය නාට්‍යමය ලක්‌ෂණවලින් යුක්‌ත වන අතර අපර භාගය නර්තනවලින් යුක්‌ත වේ.
යක්‌කම් පහ
කොහොඹා කංකාරියේ එන නාට්‍යමය අවස්‌ථා පහක් හඳුන්වන පොදු නාමය යක්‌කම් යන පදයයි. වැදි යක්‌කම, නයා යක්‌කම, දර්ශන යක්‌කම, ඌරා යක්‌කම, සීතා යක්‌කම යනුවෙන් හඳුන්වන එකී යක්‌කම් ප්‍රකාශනාත්මක වචනවලින් යුත් රූපණ අවස්‌ථා ලෙස හැඳින්විය හැකි ය. වැදි යක්‌කම කොහොඹා කංකාරියේ එන දෙවන නාට්‍යමය අවස්‌ථාවයි. ඇතැම් අවස්‌ථාවල දී මඩුපුරය නැටීමට පෙර වැදි යක්‌කමේ වැද්දා ලවා කප ගලවන අවස්‌ථා ද ඇත. මෙහි යෙදෙන යක්‌කම් අතරින් සීතා යක්‌කම භාවිතයේ යෙදෙන අවස්‌ථා විරල ය.
මුව මල විඳීම
කොහොඹා කංකාරිය ශාන්ති කර්මයේ රඟ මඬලේ අයිලයට පිටුපසින් මුවයක් සහිත කැනකින් යුත් කෙසෙල් ගසක් සිටුවා ඇත. දුන්නක් සහ ඊතලයක් අතින් ගත් යකැදුරා ඊයෙන් විද මුව මල කඩා ගන්නා ආකාරය නිරූපණය කරයි. මෙය වස් දොස් දුරු කිරීම සඳහා කරනු ලබන නාට්‍යමය පෙළපාළියක් ලෙස හැඳින්වේ.