යක් ඇන්නුම
මෙය ඇතැමුන් විසින් යක් ඇනුම නමින්ද හඳුන්වනු ලැබේ. කංකාරියට සහභාගී වන සියලුම යක් දෙස්‌සන් පූර්ණ වෙස් ඇඳුම් කට්‌ටලයෙන් සැරසී කරනු ලබන ප්‍රථම රංගන අවස්‌ථාව යක් ඇනුමයි. මෙහි විශේෂ ලක්‌ෂණයක් නම් බෙරකරුවන් සහ ශීල්පීන් යන දෙපිරිසම @ජ්‍යෂ්ඨත්වය අනුව අනුපිළිවෙළින් දෙපෙළකට සැඳී රංග මණ්‌ඩපයට ප්‍රවිෂ්ට වීම සහ ඒ අනුව නර්තන දැක්‌වීමයි.
හත් පදය
බුලත් පදය, කොතල පදය, දුම්මල පදය, මල් පදය, සළු පදය, යහන්මුට්‌ටි පදය, පොල් පදය, යන පූජා භාණ්‌ඩ මුල්කොට කරන නර්තන කොටසකි. හත් පද නැටීමේ දී දැකිය හැකි විශේෂ ලක්‌ෂණය වන්නේ ඒවා ඒකල නැටුම් වශයෙන් කංකාරිය තුළ සංවිධානය වී තිබීමයි.
කුවේණි අස්‌න
කොහොඹ කංකාරියේ එන දීර්ඝ නැටුම් අංගයකි. කුවේණි අස්‌නේ යෙදෙන ගායනා සමඟ කරන ඉතා අලංකාර නැටුමක් වන අස්‌නේ නැටුම පද සතකින් යුක්‌ත වූවකි. විලම්බ ලයෙන් පටන් ගන්නා නර්තනය අවසන් වන්නේ දෘත ලයෙනි. එමගින් කුවේණියගේ සංවේගයත් ඇඟේ හැඟීම් ක්‍රමයෙන් උත්සන්න වන ආකාරයත් නිරූපණය වේ යැයි ඇතැම්හූ ප්‍රකාශ කරති. කුවේණි අස්‌න කොහොඹා කංකාරියේ එන හැඟුම් බර වූත්, සංකීර්ණ නාද මාලාවකින් යුක්‌ත වූත්, විවිධ තාල රූප ඇසුරු කරන්නාවූත් ගායනා සමඟ යෙදෙන නර්තන අංගයක් ලෙස හැඳින්විය හැකි ය.
දුනුමාලප්පුව
මෙය කංකාරිය හා සම්බන්ධ කන්දේ දෙවියන්ට කෙරෙන පූජෝපහාරයක් ලෙස සැලකේ. ඒකල නැටුමකි. සුදු රෙද්දකින් ඔතන ලද ලීයෙන් කළ දුන්නක් දෑතින් අයිලය දෙසට හැර නර්තනයේ යෙදේ.
කෝල් පාඩුව
අතිශයින්ම ශාස්‌ත්‍රීය නර්තන අංගයකි. අයිලයේ තැන්පත් කර ඇති කෝලා යුධය සහ පුවක්‌මල් කිනිති කිහිපයක් අතින් ගෙන කරන මෙම නැටුම ඒකල නැටුමකි. දීර්ඝ නර්තන අංගයකි.
මල් හත් පදය
මල් හත් පදය යනු හත්පදවල යෙදෙන මල් පදය නොවේ. එට විශේෂ නර්තන අංගයකි. මෙහි ඳී පොල් මලේ කිනිති විසිර යන ආකායෙන් අතට ගන්නා නර්තන ශිල්පියා බෙර වාදනයට අනුව රංගනයේ යෙදේ. මෙහි දී බෙර වාදනයේ විශේෂත්වයක් දක්‌නට ඇත. බෙරකරුවන් දෙපෙළකට වී වෙන් වෙන් වශයෙන් වාදනය කිරීමත්, එක් පෙළක් වාදනය කළ පද කොටස අනෙක් කණ්‌ඩායම නැවත වාදනය කිරීමත් අපූරු ලක්‌ෂණයකි.