ශ්‍රී ලංකීය සමාජය හා සාරධර්ම
 



අපට ඇත්තේ බුදු දහමින් සහ කෘෂිකාර්මික අර්ථ ක්‍රමයකින් පෝෂණය වූ සමාජ රටාවකි. එකී සමාජ ක්‍රමය තුළ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එමින් අපට උරුම වූ ශ්‍රේෂ්ඨ සංස්‌කෘතියකුත්, එම සංස්‌කෘතිය හැ බැඳුණු වටිනා සාරධර්ම පද්ධතියකුත් ඇත. 


 ගුරුවරුන්ට, දෙමව්පියන්ට වැඳීම, ඔවුන් ඉදිරියේ හුනස්‌සෙන් නැගිට ගෞරව කිරීම, වැඩිහිටියන්ට සැලකීම, ඔවුන්ට ගෞරව කිරීම, ඔවුන්ගේ අවවාද අනුශාසනා ලබා ගැනීම සහ පිළිපැඳීම, ආගන්තකුක සත්කාරය, අන්‍යයන්ට උදව් උපකාර කිරීම, දුකේ දී විපතේ දී පිහිට වීම වැනි ගුණධර්ම අපේ සංස්‌කෘතියෙන් අපට උරුම වූ සාරධර්මයන් ය.

 
 ඒවා එසේ ම පවත්වාගෙන යා යුතු යැයි නීතියෙන් බලකිරීමක්‌ නැත. එහෙත් සමාජය මගින් ඒවා පවත්වාගෙන යෑමේ සහ ආරක්‌ෂා කිරීමේ වගකීම අප වෙත පවරා ඇත. එබැවින් අපි ඒවා අගේ කරමු. නැසී යාමට ඉඩ නොදී පවත්වාගෙන යෑමට හැකි සෑම උත්සාහයක්‌ ම දරමු.