යුගල උඩුකොමා යෙදීම
 

යුගල උඩුකොමා (" ") ප්‍රකෘති භාෂණ, උද්ධෘත පාඨ සහ විශේෂ ව්‍යවහාර දැක්‌වීම සඳහා යෙදේ.

1. "මම ගෙදර යමි" යි හෙතෙම කී ය.
2. "වඳිමි මුනි උතුමන් තිලෝගුරු" යනු ගුත්තිල කාව්‍යයේ පද්‍ය පාදයකි.
3. ඒ කදු කුළ පාළි සාහිත්‍යයෙහි හැදින්වෙන්නේ "සමන්තකුට" යනුවෙනි. අපි එයට "සමනොළ" යි කියම. ඉංග්‍රීසියෙන් එය "ඇඩම්ස්‌ පීක්‌" යි කියමු.

4. ඔහු ගේ නිවාසයේ නම "සිරිලෙන" ය.

විශේෂ ව්‍යවහාරයක්‌ වර නැඟුණු කල්හි මේ උඩුකොමා යෙදිය යුත්තේ
ඒ මුළු පදය ඇතුළත් කොට ය.
"සෙත්සිරිපායට"
"ඉසුරුපායෙහි"
"ශ්‍රී නිකේතනයෙන්"

(c) Shilpa Sayura Foundation 2006-2017