අත්තික්‌කා ගසේ කොළ, පොතු, මූල්, ගෙඩි, කිරි, මූල් කැපීමෙන් පසූ උනන ජලය හෙවත් අත්තික්‌කා වතුර යන සියලූ කොටස් ඖෂධ පිණිස යොදා ගැනේ.
සෙම් පිත් සමනය වීම මෙහි ප්‍රධාන ගුණයකි. කුසගිනි වඩවයි. ආහාර මාර්ගයේ හා මූත්‍ර මාර්ගයේ බොහොමයක් රෝග සඳහා මෙම ශාකය යොදා ගැනේ.
ඉදුණූ ගෙඩි අඹරා එකෙනෙහි යූෂ මිරිකාගෙන වී පැණි දමා හෝ ගෙඩි මිරිකා ගත් යූෂ පානය කිරීමෙන් රත්පිත සමනය වේ.
ළදරු අතීසාරයට අත්තික්‌කා කිරි දීම සූදුසූය. ළදරුවන් ගේ දත් ඒමේ දී එය පහසූ කිරීම සඳහා අත්තික්‌කා කිරි විදුරුමසෙහි ආලේප කළ හැකිය.
පැසූණූ අත්තික්‌කා යූෂ ඉතා හොඳ පානයකි. කැපූ අත්තික්‌කා මූලකින් ලබාගන්නා වතුර පානය කිරීමෙන් සිරුරේ දෑවිල්ල ගතිය හා මධූමේගය සමනය කරයි.