බටහිර මුද්‍රා නාට්‍යයන්හි (බැලේ නාටක) සුවිශේෂ ලක්‌ෂණ
 

* මුද්‍රා නාට්‍යයකදී නර්තනයට ලැබෙන්නේ ඉතාමත්ම වැදගත් ස්‌ථානයකි. නාට්‍යයේ කථා පුවත ඉදිරිපත් කරන්නේ නර්තනය මාධ්‍ය කොට ගෙනය. අපරදිග මුද්‍රා නාට්‍යවල නර්තනයේ ඇති විශේෂතාවය වන්නේ තාලයට වඩා රිද්මය ඉස්‌මතුව පෙනීමයි.

 * සංගීතයට ප්‍රධාන තැනක්‌ හිමි වේ. නර්තනය ඉදිරිපත් කරන්නේ පසුබිම් සංගීතයකට අනුවයි. සංගීතයේ ප්‍රබලතාව සහ සාර්ථකත්වය මත බැලේ නාටකයේ ගුණාත්මක තත්වය රඳා පවතී.

 * බැලේ නාටකයක අනෙක්‌ වැදගත් අංගය වන්නේ රංග රචනයයි.වේදිකාව මත කෙරෙන සෑම චලනයක්‌ම, ඉරියව්වක්‌ම, රංග රටාවක්‌ම නිශ්චිත ආකාරයෙන් සැලසුම් කළ යුතු වේ. එය අතිශයින් භාරදුර කටයුත්තකි. එකී වගකීම පැවරෙන්නේ රංග රචකයාටයි.
(c) Shilpa Sayura Foundation 2006-2017