" සිග්ෆිඩ් " කුමරු ( Sigfid ) දඩයමේ යයි. විල්තෙරට පැමිණෙන කුමරු දකින්නේ විශාල හංසයින් රෑනක් විල්තෙරට පහත් වන ආකාරයයි. එම හංස රෑනේ එක් හංස ධේනුවක් ඉතාමත් රුවැති ළඳක් බවට පත්වන ආකාරය කුමරු දකියි. කුමරු හා හංස කුමරිය අතරේ ප්‍රේමයක් හට ගනී. කුමාරිය හංසයකු බවට පත් වන්නේ මායාකරුවෙකුගේ සාපයක් හේතුකොට ගෙනය. එකී සාපය නිසා තමාට මිනිස් වෙසින් සිටිය හැක්‌කේ සුළු මොහොතකට පමණක් බව කුමරිය කුමරාට කියා සිටී. කුමරා හංස කුමරිය මායාකරුගේ සාපයෙන් මුදවා ගනී.
හංස විල මුද්‍රා නාට්‍යයෙන් කියැවෙන්නේ එම කලා පුවතයි. මෙම මුද්‍රා නාට්‍ය ලෝකයේ අග්‍රගණ්‍ය එකක් ලෙස පිළිගන්නේ එහි රංග රචනයත් , සංගීතයත් රංගන විශිෂ්ටත්වයත් නිසා ය.
මුද්‍රා නාට්‍ය කලාව ඇමරිකාවේ ජනප්‍රිය කරවීමේ ගෞරවය හිමි වන්නේ ඉසඩෝරා ඩන්කන්, රූත් ඩෙනිස් යන මුද්‍රා නාට්‍ය ශිල්පීන්ට හිමි වේ. 1915 වර්ෂයේ දී ඇමරිකාවේ ආරම්භ කරන ලද " ඩෙනිෂොන් " ( Denishawn )නමැති මුද්‍රා නාට්‍ය පාසලේ ඉගෙනුම ලැබූ මාතාග්‍රැහැම්, ඩොරිස් හම්ප්‍රි වැන්නවුන් නව මුද්‍රා නාට්‍ය සම්ප්‍රදායට උපරිම වශයෙන් දායක වූවන් ලෙස සැලකේ.
ඉතාලියේන් ඇරඹී ලෝකයේ බොහෝ රටවල් කරා බටහිර මුද්‍රා නාට්‍ය ක්‍රමය (බැලේ) ව්‍යාප්ත වූ ආකාරය මෙතෙක් සාකච්ඡා කළ කරුණු ඇසුරෙන් ඔබට වැටහෙන්නට ඇත.