වසර දහස් ගණනක් තිස්‌සේ ක්‍රමිකව විකාශනය වෙමින් පැවති අපරදිග නර්තනයන්ගේ අග්‍රඵලය ලෙස සැලකිය හැක්‌කේ " බැලේ " ( Ballet ) හෙවත් නාට්‍යයි. අද්‍යතනයේ දී මෙම බැලේ නර්තනය මුළු ලෝකය පුරා ප්‍රචලිතව පවතී.
බටහිර මුද්‍රා නාට්‍යයේ ප්‍රභවය, නැතහොත් ආරම්භය ඇති වූයේ ඉතාලියේ ය. මෙම නර්තනක ක්‍රමය මුල් යුගයේ දී හඳුන්වනු ලැබුයේ " බැලරා " ( Balara ) යන නමිනි. එහි අර්ථය වන්නේ නර්තනය ( to Dance ) යන්නයි. බැලේ යන අපරදිග වචනය Balara යන වචනයෙන් බිඳී ආවකි.
මුල් යුගයේ දී මෙම නර්තන ක්‍රමය රාජකීයයන් හා ප්‍රභූන් විසින් පවත්වාගෙන යන ලදී. සාමාන්‍ය ජනයාට මෙම නර්තනන් නැරඹීමට හෝ ඒවාට රංගනයෙන් දායක වීමට අවස්‌ථාවක් නොලැබුණි. පොදු ජනයාට විවෘත නොවූ මෙම රංගනයන්හී රඟපාන නළු නිළියන් මෙන්ම ප්‍රේක්‌ෂකයන් වූයේ ද රාජකීය පවුල්වල සාමාජිකයන් රදළ ප්‍රභූන් සහ ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන් ය. රාජකීයයන් විසින් වරින් වර පවත්වන ලද රාජකීය භෝජන සංග්‍රහ උත්සවයන්ට සහභාගී වූ ආරාධිතයන් පිනවීම සඳහා මෙම නර්තනයන් පවත්වනු ලැබී ය.
මෙය භෝජනාගාර තුළ රඟ දක්‌වන ලද බැවින් ඒ සඳහා ලැබුණේ සීමිත ඉඩ ප්‍රමාණයකි. අලංකාර ලෙස සකස් කරන ලද පසුතල දර්ශන සහ විචිත්‍ර වස්‌ත්‍රාභරණයන්ගෙන් සැරසුණ රාජකීය ප්‍රභූ නළු නිළියන්, භෝජන සංග්‍රහ අතරතුර වූ කෙටි විවේකයන්හි ජවනිකා ( අවස්‌ථා නැතහොත් කුඩා කොටස් ) වශයෙන් මේවා රඟ දක්‌වන ලදී.
1489 වසරේ දී ඉතාලියේ ටෝටොනා ( Tortona ) නගරයේ දී රඟ දක්‌වන ලද " ජේසන් සහ රන්ලොම් බැටළුවෝ " නැමැති මුද්‍රා නාට්‍යය වාර්තාගත ව ඇති ප්‍රථම මුද්‍රා නාට්‍යය ලෙස සැලකේ. මෙය රඟ දක්‌වා ඇත්තේ කුලීන පවුලක විවාහ මංගල්‍ය උත්සවයක දීය. මෙම මුද්‍රා නාට්‍යයේ නළු නිළියන් ලෙස රඟ දැක්‌වූයේ රාජකීය ප්‍රභවයක් ඇති කුලීනයන් ය.
ඉතාලියේ බිහි වූ මුද්‍රා නාට්‍ය ක්‍රමය ඉතාලියෙන් ප්‍රංශයට සංක්‍රමණය විය. ප්‍රංශයේ කරන ලද ප්‍රථම මුද්‍රා නාට්‍ය බිහිවුයේ කැතරින් බිසවගේ කාලයේ දීය. " බැලේ කොමික් ඬිලා රෙනේ " ( Ballet comique de la Ranie ) නමැති එම මුද්‍රා නාට්‍ය රඟ දක්‌වා ඇත්තේ 1581 වර්ෂයේ දී ය. මෙම නිර්මාණය සදහා ඉතා විශාල නළු නිළියන් පිරිසක් සහභාගී ව ඇත. මෙම නාට්‍යය සමඟ නිකුත් කරන ලද නාට්‍ය පිළිබඳව හැඳින්වීමක් සහිත මුද්‍රිත පිටපත වැදගත් ලියවිල්ලක් සේ පිළිගැනේ. එම සමරු පත්‍රිකාවේ මුද්‍රා නාට්‍ය පිළිබඳව දක්‌වා ඇති අර්ත දැක්‌වීම අද්‍යතනයේ වුව ද ඉතා නිවැරදි නිර්වචනයක් ලෙස පිළිගනු ලැබේ.
එහි දක්‌වා ඇති පරිදි
"මුද්‍රා නාට්‍යයක් යනු වාදන භාණ්‌ඩ රාශියක නාද සංගීතයට අනුව, පුද්ගයින් විශාල සංඛ්‍යාවක් ජ්‍යාමිතික රටාවන් අනුව හැසිරවීමයි......"
බොහෝ කාලයක් තිස්‌සේ රාජකීයයන්ගේ විනෝදාස්‌වාදය සඳහා පමණක් සීමා වී තිබූ බැලේ නර්තන ක්‍රම ප්‍රථම වතාවට සාමාන්‍ය ජනයාට දැක ගැනීමට අවස්‌ථාව ලැබුණේ 1662 වසරේ දී ඉතාලියේ රඟ දක්‌වන ලද " සුප්‍රතය " මුද්‍රා නාට්‍ය රංගනයක් තුළිනි.
අපරදිග බලේ මුද්‍රා නාට්‍ය ක්‍රමය අටවැනි හෙන්ඩි්‍ර රජුගේ කාලයේ දී එංගලන්තට ද සංක්‍රමණය විය. නමුත් මෙය ජනප්‍රිය කලා අංගයක් ලෙස එංගලන්තයේ ව්‍යාප්ත වූයේ පළමුවන එලිසබෙත් මහ රුජිනගේ කාලයේ දී ය.
මුද්‍රා නාට්‍ය කලාවේ වැදගත් ම සන්ධිස්‌ථානයක් ලෙස සැලකෙන්නේ ප්‍රංශයේ රජකළ 14 වන ලුවි රජතුමාගේ කාලයයි. විනෝදකාමී රජකු ලෙස ප්‍රකට ලුවී රජතුමා මුද්‍රා නාට්‍ය කලාවට දැඩි ලෙස ඇලුම් කළේය. දක්‌ෂ මුද්‍රා නාට්‍ය ශිල්පියකු වූ ලුවී රජතුමා මුද්‍රා නාට්‍යයෙන් හී ප්‍රධාන චරිත නිරූපණය කළේය. මෙම රජතුමාගේ කාලයේ දී සිදු වූ ඉතාමත් වැදගත් කාර්යය ලෙස මුද්‍රා නාට්‍ය ඉතිහාසයේ සඳහන් වන්නේ, මුද්‍රා නාට්‍ය කලාව පුහුණු කිරීම සඳහා ඇකඩමියක් නැතහොත් අධ්‍යාපනික ආයතනයක් ආරම්භ කිරීමයි.
1661 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම ආයතනය හඳුන්වන්නේ " ඇකඩමි ඩි ලා ඩාන්ස් " ( Academy de la Dance )යන නමිනි. ලුවී රජතුමාගේ ගුරුවරයා වශයෙන් කටයුතු කළ " පියරේ බුඩෑම් " නැමැති ශිල්පියා මුද්‍රා නාට්‍ය ඇකඩමියේ ප්‍රථම ගුරුවරයා ද විය.
මුද්‍රා නාට්‍ය කලාව ප්‍රසිද්ධ වේදිකාවට එත්ම මෙතෙක් එම නර්තනයන්හි යෙදුන කුලීන කාන්තාවන් රංගන කාර්යයන්ට දායක වීමට කැමැත්තක් දැක්‌වූයේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රසිද්ධ මුද්‍රා නාට්‍ය සඳහා ස්‌ත්‍රී චරිත නිර්මාණය කරන්නට පුරුෂයන් යොදා ගැනීමට සිදු විය. නැවත ක්‍රමයෙන් මුද්‍රා නාට්‍ය සඳහා ස්‌ත්‍රී දායකත්වය ලැබීමට පටන් ගත්තේ 18 වන සියවසේ අග භාගය පමණ වන විට ය.
" ඉබසඩෝරා ඩන්කන් " මෙහිදී කැපී පෙනේ. 1899 වසරේ දී ඇය ත්‍රීක මූර්ත කලාවේ ආභාෂය ලබමින් " නිදහස් " (Free Dance ) නර්තන ශිල්ප ක්‍රමයක් ලොවට හඳුන්වා දුන්නා ය. එම නව ශිල්ප ක්‍රමයට අනුව මුද්‍රා නාට්‍යයේ ඇඳුම පවා සකස් කර ගැනීමට ඇය නොබියව ඉදිරිපත් විය. මෙතෙක් කාලයක් තිස්‌සේ පාදයේ වළලු කර තෙක් දික්‌ව පවති මුද්‍රා නාට්‍යයේ ස්‌ත්‍රී ඇඳුම් අඟල් කිහිපයක් කෙටි කිරීමෙන් ඇය රංගන ක්‍රමයන්හි විප්ලවීය වෙනසකට මුල පිරුවා ය.
මුද්‍රා නාට්‍ය කලාව රුසියාවට සංක්‍රමණය වීම එම කලාවේ ගුණාත්මක සංවර්ධනයට බොහෝ සෙයින් බලපෑවේ ය. ලෝකයේ ඉතා ම ජනප්‍රිය වු " හංසවිල " , " නිදි කුමරිය ", "ද නට් ක්‍රැකර් " වැනි මුද්‍රා නාට්‍ය රුසියාව විසින් ලෝකයට දායාද කළ අති විශිෂ්ඨ මුද්‍රා නාට්‍යයන්ගෙන් කිහිපයකි.
මෙම මුද්‍රා නාට්‍යයන් අතරින් අද්විතීය නිර්මාණයක් ලෙස සලකනු ලබන්නේ " හංස විල " ( Sawn Lake )නැමැති මුද්‍රා නාට්‍යයයි. මෙහි සංගීත නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කළේ " චයිකොව්ස්‌කී " නැමැති ( Cheikovsky ) රුසියානු සංගීත ශිල්පියා ය. මෙහි රංග රචනය කරන් ලද්දේ " මාරියස් පෙට්‌පා" ( Marias Petipa ) විසිනි. මෙහි ප්‍රධාන චරිත " ඇනා පැව්ලෝවා ", " ගලීනා උලයනෝවා " , " වස්‌ලව් නිජින්සිකි " වැනි නළු නිළියන් විසින් නිරූපණය කරන ලදී. ප්‍රධාන හංස ධේනුවගේ චරිතය නිරූපණය කළ නිළියන් අතරින් වඩාත් ශ්‍රේෂ්ඨ රංගන දායකත්වය ලබා දුන් නිළිය ලෙස සලකන්නේ ඇනා පව්ලෝවා නැමැති නිළියයි.