ශිතල පළාත්වල හොඳට වැඩෙන හිම පැහැති කොළ පාටක් ඇති පත්රවලින් යුත් ශාකයකි. ප්රමාණයෙන් කුඩා ශාකයක් වන මෙහි කොළ සියඹලා කොළමෙන් කිණිති ලෙස හට ගනී.
උද්භිද විද්යාත්මකව අරූද Rutaceae හෙවත් පැගිරි කුලයට අයත් ශාකයක් වන අතර Ruta graveolens යන නමින් හඳුන්.වනු ලැබේ.
මේ ගසේ කොළ වලින් සාදාගත් තෙල් පීනසට හා ළදරුවන්.ගේ සෙම් රෝග වලදී ප්රයෝජනයට ගනී. ළමයින්.ගේ පීනසට හා කැස්සට කොළදුම් ඇල්ලීම සුදුසුය. පක්ෂාගාත් රොග ඇති විට කොළ මඳක් තලා බ්රැන්දි සමග මිශ්ර කර රොගයේ මුල් අවධියේදී ආලේප කරනු ලබයි.