කෙටි ඉර යෙදීම -
 

කෙටි ඉර (-) පද සංයුක්‌ත ව යෙදෙන කල්හි එහි එකිනෙකාගේ ප්‍රතිබද්ධතාව දක්‌වනු සඳහා යෙදේ.

සමාජ-දේශපාලන ආයතන
ජෛව-රසායනික විපර්යාසය
ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය

මෙවන් වහර කෙටි ඉර රහිත ව සමාජ දේශපාලන ආදී වශයෙන් ලියුවූ ව ද නිවරද ය.

කාලපරිච්ඡේද ආදිය ඉලක්‌කමින් දැක්‌වීමේ දී යෙදේ.
1. මහාපරාක්‍රමබාහු රජ සමය ක්‍රි.ව. 1153-86 යනුවෙන් පිළිගැනේ.
2. මහාපරාක්‍රමබාහු රජ සමය (ක්‍රි.ව. 1153-86) සශ්‍රික කාල පරිච්ඡේදයක්‌ වී ය.
3. මේ කරුණු ඔහුගේ ග්‍රන්ථයේ 210-314 පිටුවල සඳහන් ය.

පේළියක කෙළවරෙහි සම්පූර්ණ පදයක්‌ සඳහා ඉඩ ප්‍රමාණය මඳ වු අවස්‌ථාවක, එහි යෙදිය හැකි අවසන් පදයට පර ව යෙදේ.

1. මෙසේ කැඩිය හැක්‌කේ ද පදයක්‌ අකුරු හතරක්‌ හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුක්‌ත නම් පමණී.
2. හල් අකුරක්‌ පමණක්‌ දෙ වන පේළියට එන සේ කැඩීම ද නුසුදුසු ය.
3. හල් අකුරකින් ආරම්භ වන පද කොටසක්‌ දෙ වන පේළියට එන සේ කැඩීම ද නුසුදුසු ය.
4. හල් අකුරකින් ආරම්භ වන පද කොටසක්‌ දෙ වන පේළියට එන සේ
කැඩීම ද නුසුදුසු ය.

වැරදි
සඳහ-
න්

විද්‍යා-
ත්මක

නිවැරදි
සඳ-
හන්

විද්‍යාත්-
මක

2. මෙසේ කැඩිය හැක්‌කේ දිග පදවල අක්‌ෂර සංඛ්‍යාවෙහි සමබරතාව සලකා ය.
නොහොත්, පදයක සන්ධි වන්නා වු හෝ සමාස වන්නා වු හෝ ස්‌ථාන හැකි තරම් සලකා ය.
පෙරහැ-
රට

සුන්ද-

සුරන-
රනාග

ශබ්දා-
නුකරණය

නිවැරදි
පෙර-
හැරට

සුන්-
දර

සුරනර-
නාග

ශබ්දානු-
කරණය

(c) Shilpa Sayura Foundation 2006-2017