අපේ රටේ විජයාගමණයත් සමගම ආර්ය ජනපද බිහිවී දියුණු සමාජ විකාශණයක් ඇතිවිය. විජය රජුගේ ආගමනයට පෙර මෙහි වාසය කල ගෝත්‍ර පරම්පාරා ආශ්‍රිතව කෙබඳු නර්තන කලාවක් පැවතියේද යන්න අපි සොයා බලමු.
ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ බොහෝ දියුණු නර්තන කලාවක් තිබූ බවට සාක්‍ෂී බොහොමක් වර්තමානයේ සොයා ගෙන තිබේ. වංශ කතා, සාහිත්‍ය කෘති, ශිලා ලේඛණ, පුරාවිද්‍යාත්මක කැනීම් වැනි මුලාශ්‍ර මගින් සොයාගත හැකිවූ කරුණු වලට අතිරේක වශයෙන් දීර්ඝ කාලයක් තිස්‌සේ ජනසමාජය තුල මුඛ පරම්පරා ගතව පැවත් එන්නාවූ ජනප්‍රවාද ශ්‍රී ලංකාවේ නර්තන කලාව පිලිබඳව යටගියාව සොයා බලන්නට අපට උදවු කරගත හැකිය.
අතීතයේ ලක්‌දිව රජකල "රාවණා" නම් රජෙකු පිළිබඳ තොරතුරු මුඛ පරම්පරා කතාවල කියැවේ. "වාල්මික " නැමැති ඉන්දියානු පඬිවරයා විසින් රචිත ඉපැරණි පොතක් වන "රාමායණය" රාවණා රජු පිලිබඳ බොහෝ තොරතුරු වාර්තා කරයි. ඒවාට අනුව රාවන රජු නැටුම් ශිල්පයන් හී අති දක්‍ෂයෙකු වූ බවත් එතුමා ඊශ්වර දෙවියන් වෙතින් ඉතා දුශ්කර නර්තනයක් වූ " උග්‍ර තාණ්‌ඩාව " නැමති නර්තනය පවා උගත් බව කියැවේ.

අපේ රටේ ඉපැරණි වංශ කතාව වන මහ වංශයේ සිරිසවස්‌තු පුර මංගල්‍යයක් ගැන තොරතුරු සඳහන් වේ.
" රාත්‍රී කාලයේදී එ කුමර තූර්ය නාද සහිත ගී හඬක් අසා ඒ කවර ශබ්ධයක්‌දැයි එක්‌ව නිදන යකිනිය විචාලේය. ස්‌වාමීනි මෙහී මේ යක්‌පුරය සිරිසවස්‌තු නමි. එහි දෙවි යකා ලංකා නගරවාසී වූ කුමරියක් මෙහි ගෙනෙන ලද්දීය. ඒ කැඳවාගෙන එන මඟුල්හී මෙහිදී මහත් උත්සව පවතී. මේ ඒ ශබ්දයැයි....."
ඒ අනුව විජය කුමරු ලංකාවට පැමිණෙන්නට පෙර මෙරට ජීවත් වූ යක්‍ෂ ගෝත්‍රික ජනතාව අතර පංචතූර්ය නාදය අනුව කරන නර්තන ක්‍රම තිබූ බව අනුමාන කළ හැකිය.