අපේ දේශීය වාද්‍ය භාණ්‌ඩ අතීතයේ සිට විවිධ ආකාරයෙන් වර්ගීකරණය කර ඇති බව පෙනේ. එකී වර්ගීකරණයන් සඳහා නිර්නායක ලෙස යොදාගෙන ඇත්තේ
* බෙරයේ හැඩය
* බෙරය සෑදීමට ගත් අමුද්‍රව්‍ය
* වාදනය කරන ආකාරය
යනාදී කරුණු සැලකිල්ලට ගෙනය. බෙරය හැඩය අනුව වර්ගීකරණයේදී " එකැස් බෙර, දෙකැස් බෙර, පොකුරු බෙර " යනාදී වශයෙන්ද, බෙරය නිමාවට යොදාගත් අමුද්‍රව්‍ය අනුව " දැව බෙර, ලොහො බෙර, මැටි බෙර " යනාදී වශයෙන් වර්ග කොට ඇත.
ඉහතින් සඳහන් කලේ අතීතයේ වාද්‍ය භාණ්‌ඩ වර්ග කොට තිබූ ආකාරයන් ය. වර්තමානයේ වාද්‍ය භාණ්‌ඩ වර්ගීකරණයේදී අප ප්‍රධාන නිර්ණායකයක් වන්නේ වාදනය කරන ආකාරයයි. ඒ අනුව වාද්‍ය භාණ්‌ඩ කොටස් පහකට වර්ගීකරණය කරනු ලැබේ. මෙම කොටස් පහ "පංචතූර්ය භාණ්‌ඩ " නමින් හැදින්වේ. අතත, විතත, විතතාතත, ඝණ, සුසිර යනු ඒ වර්ගීකරණයන් වේ.