ඈත අතිතයේ සිටම ශ්‍රී ලංකාවේ විවිධ සංස්‌කෘතික හා සමාජ කාර්යයන් සඳහ බෙර, දවුල්, තම්මැට, හොරණෑ වැනි වාදන භාණ්‌ඩ බහුලව යොදාගත් බවට ඓතිහාසික සාධක ඇත. ශ්‍රී ලංකාවේ ව්‍යවහරයේ පැවැති වාදන භාණ්‌ඩ රාශියක් පිළිබඳ තොරතුරු අපේ පැරණ පත පොතේ සඳහන් වේ.
ගැට බෙර , පටහ බෙර, මිහිගු බෙර, තලප්පර, උඩැක්‌කි, ඩැක්‌කි, බුම්මැඩි, මද්දල, පනාබෙර, තම්පෝරු, දවුල්, තම්මැට, රබාන, නිසාන, ඳඩුබෙර, ලොහෝබෙර ආදී බෙර වර්ග රාශියක්‌ද, සක්‌සින්නම්, නාග සින්නම්, හොරණෑ, කොම්බු, වංගි සහලින් වැනි සුසිර භාණ්‌ඩ විශාල ප්‍රමාණයක් අතීතයේ අපේ රටේ ව්‍යවහරයේ පැවති බවට තොරතුරු ලැබී ඇත. මෙම භාණ්‌ඩ අතරින් සමහරක් අද දක්‌වාම ව්‍යවහරායේ පවතිතත් බොහෝ වාදන භාණ්‌ඩ අප අතරින් අභාවයට ගොස් ඇත. ඒවා පිළිබඳව අපට සටහන් කළ හැක්‌කේ නාමිකව පමණි.
අපේ රටේ පැවති වාදන භාණ්‌ඩයන් අතරින් බෙර වර්ග වලට හිමිවුයේ ප්‍රධාන ස්‌ථානයකි. බෙරය විවිධ කාර්යන් සඳහා යොදාගන්නා ලදි. " බලන " කඳුමුදුනේ සිට නුවර රජවාසලට සතුරන් ගේ පැමිණීම දංවන ලද්දේ බෙර වාදනය මගිනි. ඒ අනුව සන්නිවේදන කටයුතු සඳහා අතීතයේ බෙර වාදනය කරන ලද බවට අපට වටහා ගත හැකිය. රජවාසලෙන් කෙරන ආඥාවන් ජනතාව වෙත දන්වනු ලැබූයේ " අණ බෙරය " වාදනය කිරීමෙනි. යුද්ධයට සේනා රැස් කිරීමත්,හේවායින් ධෛර්යමත් කිරීමටත් " රණ බෙර " වැයූහ. මරණ දණ්‌ඩනය කරන විට " වද බෙර " වැයූහ. එදා සිට අද දක්‌වාම මංගල හා උත්සව අවස්‌තාවලදී " මගුල් බෙර" වාදනය කරන බව ඔබ දන්නා කරුණකි.මේ අනුව බෙර විවිධ සමාජ අවශ්‍යතා සඳහා යොදගත් බව හොදින් පැහැදිලි වේ.
ගමේ විහාරස්‌තානයේ හේවිසි වාදනය තුලින් පංසලේ පිංකමක් පවත්වන බව සන්නිවේදය වෙයි. හුදෙක් බෙරවාදනයක් පමණක් වන එය ඔබට ඒ පණිවිඩය රැගෙන එයි. උසාවි නිවේදන, වෙන්දේසී කිරීම් සඳහා අණබෙර වැයීම වර්තමානයේදී උවද දැකිය හැකිය. එමගින් පැහැදිලි වන්නේ අතීතයේ පමණක් නොව වර්තමානයේද බෙර වාදනය සන්නිවේදන කටයුත්තක් ලෙස ක්‍රියාකරණ බවය.
බෙරය ආගමික වත්පිලිවෙත් සඳහා අතීතයේ සිටම භාවිතා කරන ලදි. එවැනි විශේෂ අවස්‌තාවලදී බෙරවර්ග කිහිපයක් එක්‌ව වාදනය කරන ලදි. ශ්‍රී ලංකාවේ පළමු ආර්ය පාලකයා වන විජය රජුගේ කාලයෙදී පවා, අපේ ආදී වාසීන් වන යක්‍ෂ ගෝත්‍රිකයන් අතර පංචතූර්ය වාදනය පැවති බව මහවංශයේ සඳහන් ව ඇත. දුටුගැමුණු රජු රුවන්වැලි සෑයේ උත්සවයකට නළගන් පිරිවරා පංචතූර්ය වාදන සහිත පෙරහැරකින් ගමන් ගත් බවට මහවංශය සාක්‍ෂී දරයි.
පංසල් හා දේවාල ඇසුරු කරගෙන පැවති සෑම ආගමික උත්සවයක් සඳහාම පංචතූර්ය වාදනය යොදා ගන්නා ලදි. " පෝය හේවිසි " යනුවෙන් හඳුන්වන අපේ බෞද්ධ විහාරස්‌තාන ඇසුරු කොට පැවතෙන විශේෂ බෙර වාදන කාර්යන් අද්‍යතන යුගයේ උවද නොකඩවා පවත්වාගෙන එනු ලැබේ. එසේම පංසල මුල්කරගෙන කරන සත්සති - සූවිසි විවරණ වැනි ආගමික හා සංස්‌කෘතික කාර්යන් හා බෙර වාදනය අතර පැවතියේ ඉතාමත් සමීප සබැඳියාවකි. දළදා මාලිගයේ අද දක්‌වාම නොකඩවා පවත්වාගෙන එනු ලබන තේවා හේවිසි වාදන ඒ සඳහ හොදම නිදසුනකි.
උඩරට , පහතරට හා සබරගමු යන සම්ප්‍රදායන් සමග බෙරය සෘජු සම්බන්ධතාවයක් දක්‌වයි. එම නැටුම් වල ජීවය රැදී ඇත්තේ ඒ හා බැඳි ප්‍රධාන වාද්‍ය භාණ්‌ඩයන් මතය. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල ප්‍රචලිත ගැමි නැටුම් සඳහාද කෝළම් සොකරි වැනි ජන නාටක සඳහා දේශීය බෙර වර්ග පසුබිම් වාදන කාර්යයෙන් ඉටු කරන මෙහෙය සුළු පටු නොවේ.
අතීතයේ මෙන්ම නූතනයේදීද විවිධ සමාජ අවශ්‍යතාවයන් සඳහා බෙර වර්ග යොදාගනු ලැබේ. නූතන ප්‍රසංගික සංගීත නිර්මාණ සඳහාද, නාට්‍ය හා වෙනත් එවැනි නිර්මාණ සඳහාද , ගැට බෙරය, උඩැක්‌කිය, යක් බෙරය, රබාන වැනි භාණ්‌ඩ බහුලව යොදාගනී. ගුවන් විදුලි, රූපවාහිණි තේමා වාදනයන් සඳහාද, විවිධ වානිජ ප්‍රචාරක දැන්වීම් සඳහාද බෙර අත්‍යවශ්‍ය වාදන භාණ්‌ඩයක් වී ඇත. පාසල් තූර්යවාදක කණ්‌ඩායම්, සංගීත කණ්‌ඩායම් සඳහාද බෙරයෙන් ගන්නා සහය සුළුපටු නොවේ.
ඒ අනුව බෙරය
* ප්‍රබල සන්නිවේදන මාධ්‍යකි.
* විවිධ සමාජ අවශ්‍යතා සපුරාලීමට සමත් වාද්‍ය භාණ්‌ඩයකි.
* ආගමික හා සංස්‌කෘතික කටයුතු සඳහා අත්‍යවශ්‍ය, පුජා භාණ්‌ඩයකි
* විනෝදාස්‌වාදය ගෙනදෙන උපකරණයකි.