රංග වස්‌ත්‍රාභරණ
  නිර්මාණාත්මක නර්තනයක සාර්තකත්වය කෙරෙහි බලපාන තවත් වැදගත් සාධයකි රංග වස්‌ත්‍රාභරණ. සම්ප්‍රදායික නර්තන ඇසුරින් කරන නිර්මාණයකදී එකී සම්ප්‍රදායට අනුකූල හා සම්ප්‍රදායට හානියක්‌ නොවන පරිද්දෙන් රංග වස්‌ත්‍රාබරණ නිර්මාණය කිරීම නිර්මාණ කරුවා සතු වගකීමකි. සම්ප්‍රදායික නර්තනයේදී එක්‌ එක්‌ නර්තනය සඳහා යොදාගනු ලබන ඇදුම් ආයිත්තම් තුල කිසියම් විශේෂත්වයක්‌ පවතී. උඩරට නර්තනයේදී " වෙස්‌ ඇදුම් කට්‌ටලය " විශේෂ තැනක්‌ ගනී. නෛඅඬි ඇදුම් කට්‌ටලය, උඩැක්‌කි ඇදුම් කට්‌ට්‌ලය, උඩරට නැටුමේ අවශේෂ ඇදුම් කට්‌ටල අතර වේ.
 
 උඩැක්‌කි නැටුමක්‌ නිර්මාණය කරන්නාගේ වගකීම වන්නේ තමා නිර්මාණය කරන ඇදුම් කට්‌ටල කවර විචිත්‍රතාවයන් ඇතුලත් කළත් සම්ප්‍රදායික ලක්‍ෂණ මුළුමුනින් බැහැර නොකිරීමයි.
 
 එසේම පහතරට නැටුමක්‌ වන " වඩිග පටුන " නැටුම සඳහා යොදා ගන්නෙ බමුණෙකු ගේ චරිත විශාල ඇතුලත් ඇඳුමකි. එය බොහො විට කහපාට මිශ්‍රිත දුඹුරු වර්ණයෙන් සකසා ඇත. උදාහරණයක්‌ ලෙස මෙය කොළ පාටින් හෝ නිල් පාටින් සකසා ඇති අයුරක්‌ සිතන්න. මෙහිදී සම්ප්‍රදායට අයත් ලක්‍ෂණය මුළු මුනින්ම බිඳී ඇත. එමගින් කලාත්මක හා නිර්මාණත්මක අගය හීනවී යයි. එබැවින් මෙවැනි නිර්මාණයක්‌ කිරීමෙදී වඩා වැදගත් විය යුතු කරුණකි සම්ප්‍රදායට පටහැනිව නොයමින් රංග වස්‌ත්‍රභරණ නිර්මාණය කිරීම.
 
(c) Shilpa Sayura Foundation 2006-2017