පසුබිම් සංගීතය, සාර්ථක නිර්මාණයක් එළි දැක්වීමට අනුබල දෙන තවත් වැදගත් කරුණකි. නර්තනය සමග යොදාගැනෙන ගායනා හෝ වාදනයන් පසුබිම් සංගීතය ලෙස හඳුන්වයි.
සම්ප්‍රදායික නිර්මාණයක් සඳහා යොදා ගනු ලබන පසුබිම් සංගීතය මෙන්ම, ඊට යෝදා ගන්නා වාද්‍ය භාණ්ඩ මොනවද යන්න පිලිබඳවද නිර්මාණ ශිල්පියා විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. සෑම සම්ප්‍රදායකටම අවේනික වාද්‍ය භාණ්ඩ ඇත. එබැවින් අප යොදාගත යුතු වාද්‍ය භාණ්ඩ සම්ප්‍රදායට යොග්‍ය එවා විය යුතුය.
ඇතැම් අවස්තාවල වාදන භාණ්ඩ කිහිපයක් යොදාගනි. බෙර කිහිපයක් එකවැර වාදනය කිරීම මගින් මහත් ඝෝෂාවක් ඇතිවීමෙන් නරඹන්නා වෙහෙසට පත්වේ. නමුත් නර්තනය ඉදිරිපත් කරන ස්ථානය අනුව මෙය වෙනස් වේ. එළිමහනක දී බෙර කිහිපයක් වැයීම යෝග්‍ය උවද ශාලාවක් තුල මෙය ඝෝෂාකාරි විය හැකිය. රංගනය ඉදිරිපත් කරන ස්ථානයට යෝග්‍යවන පරිදී වාද්‍ය භාණ්ඩ ප්‍රමාණය තීරණය කළ යුතුය. කවර අවස්තාවලදි ගායනය හෝ වාදනයන් ඉස්මතු කොට දැක්විය යුතුද යන්න නිර්මාණකරණයේදි සැලකිල්ලට ගත යුතුය.