රංගරටා, රංග වින්‍යාසය හා රංග මෝස්‌තර
  සම්ප්‍රදායක ඇසුරෙන් කරන නිර්මාණයක්‌ නරඹන්නන් ගේ සිත් ඇඳ බැඳ තබා ගැනීමට සමත් කරවන විශේෂ ලක්‍ෂණයකි රංග රටා නැතහොත් රංග වින්‍යාසය. එය නර්තනයේ අලංකාරය සඳහා ආගන්තුකව එක්‌ කරනු ලබන්නකි.

කිසියම් රංගනයක්‌ ඉදිරිපත් කිරීමේදී ශිල්පීන් පේළීයකට හිඳ හෝ රවුමට හිඳ නැටුමේ මුල සිට අග දක්‌වා ඉදිරිපත් කරයි නම් එහි ඇති ඒකාකරීභාවය හේතුවෙන් නරඹන්නන් හට එය එපාවීමට හේතුවේ. මේ හේතුව නිසා අප ඉදිරිපත් කරන නිර්මාණය විවිධ රංග රටා හා මොස්‌තර භාවිතා කරමින් ඉදිරිපත් කිරීම තුලින් මනා සාර්ථක නිර්මාණයක්‌ බවට පත්වේ.

නිසි ලෙස අවකාශය භාවිත කිරීම කල යුතුය.විවිධ දිසා හා තල භාවිතා කල යුතුය. අප ගැමි නැටුමක්‌ නිර්මාණය කිරීමේදී යොදාගන්නා රංග රටා හා මෝස්‌තර සම්ප්‍රාදයක්‌ ඇසුරෙන් කරන නිර්මාණ සඳහා යොග්‍ය නොවනු ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017