නිර්මාණයේදී සාම්ප්‍රදායික නර්තනය හැසිරවීම
  සාර්ථක නිර්මණයක්‌ වීමට නම් සම්ප්‍රදාය නිසි පරිදි හැසිරවිය යුතුය. සම්ප්‍රදාය ඇසුරුකොට කරන නිර්මාණවල දැකිය හැකි එක්‌ ලක්‍ෂණයක්‌ වන්නේ දීර්ඝ නර්තන අංගයක්‌ සම්පිණ්‌ඩනය කර දැක්‌වීමයි.

කොහොඹා කංකාරියේ දිර්ඝ නැටුමක්‌ වන අස්‌නේ නැටුම, පහතරට දෙවොල් පද ආශ්‍රිත දෙවොල් නැටුම, සබරගමු මල්පදය මෙසේ සන්ක්‍ෂිප්ත කරන ලද නර්තන නිර්මාණයන් ය. මෙහිදී නිර්මාණයට යොදාගෙන ඇත්තේ සම්ප්‍රදායික නර්තනයේ පදමාලාවේ ඇතුලත් අත්‍යාවශ්‍ය කොටස්‌ පමණි.
 
 මෙවැනි නිර්මාණවලදී ඇතැම් ශිල්පීන් නර්තනය සඳහා " ප්‍රකාශනාත්මක " ලක්‍ෂණ අන්තර්ගත කරයි. සාම්ප්‍රදායික වන්නම් ඇසුරෙන් කරන නිර්මාණවලදී මෙම ලක්‍ෂණය දැකිය හැකිය. උදාහරණ ලෙස ගජගා, හනුමා, මයුරා වැනි වන්නම් අනුසාරයෙන් කරන නර්තන වල මෙම ලක්‍ෂණය දැකිය හැක.
(c) Shilpa Sayura Foundation 2006-2017