නර්තනය නිර්මාණය සඳහා යොදාගෙන ඇති සම්ප්‍රදාය.
  ශ්‍රී ලංකාව තුල ප්‍රධාන නැටුම් සම්ප්‍රදායන් 3කි. උඩරට,පහතරට, සබරගමු යන මෙකී නර්තන සම්ප්‍රදායන්ට අමතරව භරත නාට්‍යම් සම්ප්‍රදායද ප්‍රචලිත සම්ප්‍රදායකි.

මේ සම්ප්‍රදායන් තුල කෙරෙන නර්තන එකිනෙකට වෙනස්‌ව හදුනා ගන්නේ ඒ ඒ සම්ප්‍රදායට අයත් " අංග චලන, රංග වස්‌ත්‍රාභරණ, වාදන භාණ්‌ඩ, ගායනය " ආදි අංශ වල ඇති විවිධත්වය අනුවය.

සම්ප්‍රදායකට අනුව කරන නිර්මාණයක එකී අනන්‍යතා ලක්‍ෂණ ආරක්‍ෂා කරගනිමින් කරන නිර්මාණය වඩා උසස්‌ නිර්මාණයක්‌ ලෙස සැලකිය හැකිය.
(c) Shilpa Sayura Foundation 2006-2017