හැදින්වීම
  නර්තන නිර්මාණයක්‌ කිරීමේදි නර්තන ශිල්පියා තමාගේ අභිමතය පරිදි හෝ කවර හෝ ශෛලියකට අනුව යමින් හෝ එය නිර්මාණය කරයි.එය විටෙක නැටුම් සම්ප්‍රදායක්‌ ඇසුරින් කරන ලද්දක්‌ හෝ සම්ප්‍රදායන් කිහිපයක මිශ්‍රණයක්‌ හෝ කිසිදු සම්ප්‍රදායක ඇසුර කර නොගෙන නිදහස්‌ චලන ඇසුරෙන් නිර්මාණය කරන ලද්දක්‌ විය හැකිය.
 
 නර්තනයේ "ප්‍රභවය හා විකාශය " නිර්මාණය හා සම්ප්‍රදාය අතර ඒකාබද්ද කාර්යයක ප්‍රතිඵලයකි. කවරෙකු හෝ විසින් ඉතිහාසයේ කරන ලද නිර්මාණයක්‌ අද සම්ප්‍රදායක්‌ බවට පත්ව ඇත. බොහෝ දෙනාගේ පිලිගැනීම සමගින් දීර්ඝ කාලීන පැවැත්මක්‌ සහිත නිර්මාණයක්‌ සම්ප්‍රදායන් බවට පත්වී ඇත. මේ අනුව බලන කල මිනිස්‌ ඉතිහාසයේ කරන ලද නිර්මාණ අතරින් සම්ප්‍රදායට එක්‌වී ඇත්තේ අතලොස්‌සක්‌ නිර්මණ වේ. සම්ප්‍රදායික නැටුම් අංග ඇසුරු කරගෙන නැවත නැවතත් නිර්මාණ කාර්යක්‌ සිදුවන හෙයින් නිර්මාණයේන් සම්ප්‍රදායත් සම්ප්‍රදායෙන් නිර්මාණත් යන ආකාරයට මෙය ආවර්තික ස්‌වරූපයකින් ක්‍රියාත්මක වේ.
 
 සම්ප්‍රදායක්‌ ඇසුරුන් කරනු ලබන නිර්මාණයක තිබිය යුතු මූලික අංග ලක්‍ෂණ මොනවාද යන්න මීළඟට බලමු.
(c) Shilpa Sayura Foundation 2006-2017