රසවාහිනියේ සඳහන් චද්‍රාමුඛ නම් ලෙන වශයෙන් හඳුන්වන මෙයට සඳමුහ ලෙෂ වශයෙන් ද හඳුන්වනු ලබන ලෙනකි. දිඹුලාගල මාරවීදියේ ගල්ගෙයි මෙම චිත්‍ර නිරූපණය කොට ඇත.
මෙම ලෙනේ සසඡාතකයෙහි සක්‌දෙව් රඡ හාවාගේ රුව හඳෙහි අඳින අයුරුත් බුදුන් වහන්සේ දෙවියන් පිරිවරා සමාධියෙන් වැඩ සිටින අයුරුත් දෙවිදත් කුමරු සුදු ඇතු මරන සැටි දැක්‌වෙන චිත්‍රයත් පැහැදිලිව ම හැඳිනගෙන ඇත. මෙහි ඇති ඇත්රූපය ඉන්දියාවේ අඡන්තා චිත්‍ර ශෛලියට නෑකම් කියයි. මෙහි ඇති දේවරූප කොළ පැහැයෙන් ලකුණු කොට ඇත. මෙහි චිත්‍රවල එන ඇතා වෙස්‌සන්තර ඡාතකයේ එන සුදු ඇතා නිරූපණය වන්නේ යෑයි අනුමාන කොට ඇත. මෙම චිත්‍රයෙහි පිටපතක් ඩි.ඡේ. ලොකුගේ මහතා විසින් 1933 දී පිටපත් කර එය කොළඹ කෞතුකාගාරයේ බිතුසිතුවම් අංශයේ ප්‍රදර්ශනයට තබා ඇත.
දිඹුලාගල චද්‍රාමුඛ ලෙනේ චිත්‍ර අනුරාධපුර යුගයට අයිති ක්‍රි.ව. 5 ට ආසන්න කාලයක් තුළ අඳින ලද සිතුවම් පලක වේ.
මෙම දේව රූපවල වෙනස් ආකාරයේ ඔටුනු පළදා තිබීම විශේෂ ලක්‍ෂණයෙකි. පොලොන්නරු තිවංක පිළිමගෙයි දෙව් පෙරහැරේ දේව රූපවලට සමාන කමක් දක්‌වයි.
දෙවන රූපයේ තට්‌ටුවෙන් තට්‌ටුවට කුඩාවන සේ හැඩ යෙදු මල් සහිත ඔටුන්නක් නිරූපණය කොට ඇත. දොතියට ඇඳ ඇත්තේ ඝන ඉරි සහිත රෙදිපිළිවේ.
තුන්වනි රූපයේ ඉරි ඇඳ නොමැත. බෙල්ලේ කර වටා එක් මාලය බැගින් ඇඳ ඇත. රඹපාට - දුඹුරු රතු චිත්‍ර ඇඳීමට බහුලව භාවිතයට ගෙන ඇත.
දෙවිවරුන්ට ආසන යෙදීම සිදුකොට තිබිම විශේෂ ලක්‍ෂණයෙකි
කොළපාටට හුරු අඑ පැහැය යෙදු රූපය මේඝවර්ණ දිව්‍ය පුත්‍රයා හෝ වරුණ දිව්‍ය පුත්‍රයා නිරූපණය වන්නේ යෑයි සොරත හිමිපාණන් කරුණු දක්‌වා ඇත. සීගිරියට ආසන්න කාලය තුළ මෙම සිතුවම් ඇඳ ඇති අතර ඉන්දියාවේ ගුප්ත කලා සම්ප්‍රදායික ලක්‍ෂණවලින් හෙබි සිතුවම් කලාවක් පුල්ලිගොඩ ගල්ගෙයින් හමුවිම අතිශයින් ම වැදගත් කරුණකි.