දිඹුලාගල මාරවීදිගේ ගල්ගේ හෙවත් සඳමුහ ලෙෂ අසල දිඹුලාගලට සැතපුම් 3 1/4 ක් පමණ දුරින් දකුණෙන් පිහිටි පුල්ලිගොඩ ගල්ලෙනෙහි රමණිය චිත්‍ර කිහිපයක් ඉතිරිව ඇත. එය තරමක් කුඩා ලෙනකි. එය එක් පුද්ගලයෙකුට නැවතීමට තරම් සෑහේ.
මෙම චිත්‍ර අධ්‍යයනය කරන පුද්ගලයෙකුට මෙම ගල මත සෑම තැනක ම වාගේ චිත්‍ර ඇඳතිබු බවට සාදක හමුවේ.
එහෙත් දැනට චිත්‍ර ඉතිරිව ඇත්තේ ගලෙහි උඩ පැත්තේ පමණකි. බොහෝ බදාම ගැලවී බිමට පතිත වී ඇත. ඉතිරිව ඇති සිත්තම් අතර නෙලුම් මල් මත වැඩහිඳිනා දේවරූප පහකි.
තවත් ගලේ එක්‌කොනක කැඩී ගිය රූපයක කොටසක් නිරූපණය වේ. මෙම දේවරූප පහ පිපුණු නෙඑම්මල් මත වැඩ හිඳියි. පළමුවෙනි රූපයේ දකුණු අතේ පිපුණු නිල් මාහනෙල් මලෙකි. දෙවන රුව වැඳගෙන සිටි. තුන්වෙනි රුව දකුණු අතින් පිපුණු නෙඑම් මලක් ඇල්ලාගෙන සිටියි. සිව්වෙනි රූපයෙන් දැක්‌වෙන්නේ වැඳගෙන සිටින විලාසයකි. පස්‌වෙනි රූපයත් තුන්වන රූපයත් පිපුණු නෙඑම් මලක් දකුණු අතින් අල්ලාගෙන සිටියි. වම් අතින් යම්කිසි මුද්‍රාවක් නිරූපණය කිරීමක් පිළිඹිමු වේ.
මෙම රූපයේ ඇඹරී ගිය පැතැලි පටියක් වැනි පුණ නුලක් වම් උරහිස මතින් පපුව හරහා වැටෙන සේ යොදා ඇත.