ගිරිතලේ පන්සිය අඟනන් රිසි සේ බලා යනුවෙන් කුරුටු ගීතයක සඳහන්විම තුළින් කියාපාන්නේ සිගිරි රූප 500 ක් පමණ ඇඳ තිබු බවයි. සිගීරි කැටපත් පවුර නිර්මාණය කොට තිබෙන්නේ විශේෂ බදාමයක් භාවිතයට ගැනීමෙනි. මෙම කැටපත් පවුර ඉතා සිනිදු ආකාරයට තිබෙන අවධියක මුදුනේ තිබෙන සීගිරි චිත්‍රවල ඡායාව කැපටත් පවුරෙන් නැරඹිම කළ බවට තොරතුරු ද අනාවරණය වේ. මෙම කැටපත් පවුරේ බදාමය වර්තමානයේ ද දිස්‌නය සහිත විදුරු සේ දිලිසෙන ස්‌වභාවයක් ගනී. මෙය විශිෂ්ඨ බදාමයක ලක්‍ෂණ නිරූපණය වේ. මේ සඳහා බිත්තර සුදුමද මී ඉටි දිවුල්ලාටු ඩොලමයිට් පාෂාණය භාවිත කරන්නට ඇතැයි අනුමාන කොට ඇත.
ක්‍රි.ව. 5 වන සියවස තුළ දැනට පවතින ගමන් මාර්ගයට වඩා වෙනස් මගක් සීගිරියේ නිර්මාණය වන්නට ඇතැයි අනුමාන කළ හැකිවේ. කවදා හෝ සිංහ මුඛය ආශ්‍රිත පස් ස්‌තරය සේදී යාම සිදුවුවහොත් අපගේ මතිමතාන්තර දැනට වඩා වෙනස් ආකෘතියකට හැඩ ගැසෙන්නට හේතු විය හැක. සීගිරියේ ප්‍රධාන දොරටුවේ සිංහ මුඛය යෙදීම නිසා සීගිරිය යන නාමය ප්‍රබන්ධ වී ඇත. සීගිරිය තුළ බලකොටුව සීගිරි ඡල උද්‍යාන වතුරමල් ශිතල මාලිගා රාඡසභා මණ්‌ඩප මඟුල් උයන් ආරක්‍ෂක දිය අගල් ලෙන් වැනි ගෘහ නිර්මාණ අංග වලින් සමන්විත සුවිශේෂ පුරාවිද්‍යාත්මක භුමි ප්‍රදේශයක් වන සීගිරිය ආරක්‌ෂා කරගැනීම අප සතු ප්‍රධාන වගකීමකි.