![](/unidata/m82/8/7/5/chula_p_4128ic1.jpg)
දැනට සිගිරි ලලනා චිත්‍ර රූප 22 ක් දක්‌නට ලැබේ. එයින් එක් කොටසක් නිල්පැහැයෙන් ද අනෙක් කොටස රතුපාටින් ද නිමකර ඇත. නිල්පැහැති ලලනා රූපවල ආභරණ අඩුවෙන් ද රන්වල් ලියන් බොහෝ ආභරණවලින් සරසා ද තිබීම විශේෂ ලක්‍ෂණයෙකි.
සීගිරි කැටපත් පවුරේ එන ගීතය විණාවක් අතින්ගත් කාන්තාවකගේ චිත්‍රයක් පිළිබඳ තොරතුරු අන්තර්ගතවී ඇත. පිරිමි රූපයක අංගලක්‍ෂණ ඇති රූපයක් පිළීබඳ තොරතුරු ද අනාවරණය වී ඇත. මෙම චිත්‍ර 22 න් වර්තමානයේ චිත්‍ර 19 ක් ඉතා ම පැහැදිලිව නැරඹිය හැකි නිර්මාණ වේ.
නෙඑම් මලක් පුබුදුවන හා පසුපසින් මල් වට්‌ටිවක් උරහිස උඩින් තබාගත් කාන්තාවන් දෙදෙනාගේ යුගල චිත්‍රය අතිශයින් සිත්ගන්නා සුදු සිතුවමකි. වර්ණ යොදමින් ඒ උඩරේඛ යොදමින් රේඛා උඩ නැවත වර්ණ යොදමින් උපදෙස් ඇතිව රේඛා ඇඳිම පිළීබඳ තොරතුරු එම සිතුවමේ දක්‌නට ඇත.
සම්පුර්ණයෙන් පිපුණු මල් මහනෙල් මලක් දකුණු අතේ අල්ල මත රඳවා උඩ බලාගෙන සිටින කාන්තාවගේ රුව සීගිරියේ ඉතිරි වී ඇති සිතුවම් වලින් හැඟීම් ප්‍රකාශ කෙරෙන විශේෂ සිතුවමකි. කනේ කර්ණාභරණ හා පුන් පියොවුර යෙදීම කලාත්මක වේ. මෙම කාන්තා රූප සියුම් ව අධ්‍යයනය කළ කෙනෙකුට පෙනීයන්නේ කාන්තාරූප ඇතැම් ඒවා උඩුකය නිරුවත් නොවන බවය. සිනිදු හැට්‌ටය ඇඳ ඇති බවයි. එය වෙනම ම වර්ණ ගන්වා ඇත. මෙම තත්වය විශේෂ තත්වයක් නිරූපණය කරන්නකි.
සීගිරී චිත්‍රවල එන දකුණු අතින් අරලිය මල් රුගත් කාන්තාව හා මැණික් ඔබ්බා ඇති කැඩපත සහිත යුගල රූප විශේෂ චිත්‍රයකි. මෙය 1967 දී විනාශ කළ චිත්‍රය වශයෙන් හැඳිනගෙන ඇත.
සීගිරියේ නයිපෙණ ගුහාවේ මෝස්‌තර රටා හා එම ගුහාවට ඉහළින් චිත්‍රලතා ගුහාවේ චිත්‍ර අතර හමු වී ඇති බුදුරුව ඉතා වැදගත් නිර්මාණයකි. මෙය බද්ධ පර්යඩ්ක ඉරියච්වෙන් වැඩ සිටින බුදුරුවකි.
දැරණියගල ගුහාවේ ඇති චිත්‍ර සමුහය සිගිරි චිත්‍ර කලා ශෛලිය පිළිබඳ අධ්‍යයන කරන කෙනෙකුට අතිශයින් ම වැදගත්වන නිර්මාණ වේ.
සීගිරි ගලේ සිතුවම් ඇඳිම සඳහා ගල මතුපිට බදාමය සකසා තිබෙන්නේ හුඹස්‌වැටි වැලි හිසකෙස් මැලියම් ගොම මිශ්‍රකර ගැනිමෙනි. තවද දහයියා මිශ්‍රකර ගත් බවටත් පී.පී. දැරණියගල මහතා කරුණු ඉදිරිපත් කොට ඇත. මෙම බදාමය සඳහා බිත්තර කහ පදය මිශ්‍රකරගත් බවට තොරතුරු ඇතැයි අdචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසා ඇත. ඉන්පසු මකුළුමැටි සුදුපාට තවරා ඒ මත සතුවම්ඇඳිම සිදුකොට තිබේ.
![](/unidata/m82/8/7/5/chula_p_4128ic2.gif)
![](/sayura/images/logo2.png)