01 සීගිරි ගල පාමුල ඇති ලෙන් චිත්‍ර (පළමුවන වකවානුවට අයත් චිත්‍ර)
02 සීගිරි බඳෙහි ඇති චිත්‍ර (දෙවන වකවානුව)
03 ලෙන් චිත්‍ර වෙනත් (තුන්වන වකවානුව)
02 සීගිරි බඳෙහි ඇති චිත්‍ර (දෙවන වකවානුව)
03 ලෙන් චිත්‍ර වෙනත් (තුන්වන වකවානුව)
ක්‍රි.ව. 473 - 491 දක්‌වා කාලය කාශ්‍යප රඡුගේ රාඡ්‍ය කාලයයි. සීගිරි චිත්‍ර කාශ්‍යප රඡතුමා කළා නම් ඒවා 5 වන සියවසට අයත්වේ.
ආචාර්ය නන්දදේව විඡෙසේකර මහතාගේ මතය වන්නේ තැනින් තැන ඇඳ ඇති මෙම චිත්‍ර සියවස් ගණනාවකය අවත් බවයි.
සීගිරි බිතුසිතුවම් වලින් නිරූපණය වන්නේ සිගිරි කාශ්‍යප රඡතුමාගේ අන්තඃපුරයේ ස්‌ත්‍රීන් හා සේවාකාවන් බව එච්.සී.පී. බෙල් මහතාගේ අදහස වේ.
ආනන්ද කුමාර ස්‌වාමි මහතාගේ මතය වන්නේ මෙම රූප සීගිරි අප්සරාවන් බවයි.
මාර්ටින් වික්‍රමසිංහ ශුරීන්ගේ මතය වන්නේ දියකෙළියෙහි යෙදුණු ළදුන් බවයි. ඒ මහතා පවසන්නේ කාව්‍යශේකරයේ පද්‍යවලට අනුව දියකෙළියන ස්‌ත්‍රින් අඳින්නේ රතුපාට වස්‌ත්‍ර බවත් කම්සැපතට ලොල් අය අඳීන්නේ රතුපාට වස්‌ත්‍ර බවත් මේ රූප නිසා ඉහත තත්ව නිරූපණය කරන්නේ යෑයි මාර්ටින් වික්‍රමසිංහ මහතා දක්‌වයි. (වලාකුඑ වශයෙන් තිබෙන්නේ ඡලය බව එතුමාගේ අදහසකි)
ආචාර්ය සෙනරත් පරණවිතාන සුරීන් පවසන්නේ මේඝලතා කුමාරිය හා විඡ්ඡුලතා කුමරියන් මින් නිරූපණය වන බවයි' නිල්වන් ලියන් මේඝය බවත් රන්වන් ලියන් විඡ්ඡුලතා බවත් ඔහුගේ මතය වේ.
අභය ආරියසිංහ මහතාගේ මතය වන්නේ මෙම රූප කාශ්‍යප රඡුගේ දියණීයන් දෙදෙනාවන බෝධි සහ උත්පලවන්නා බවයි.
4 වන සියවසේ ලියෑවුණු ශ්‍රවන දුත කාව්‍යයේ සීගිරිය හඳුන්වා ඇත්තේ කුවේරගේ පුඡනීය ස්‌ථානයක් වශයෙනි. සීගිරිය කුවේරගේ බලකොටුවයි. කුවේණිය මෙම ස්‌ථානයේ වාසය කරන්නට ඇතැයි මතයක් පවති.
ඉහත මත වලට අමතරව සීගිරි චිත්‍ර අන්තඃපුර ස්‌ත්‍රීන් ය. පිදුරන්ගල විහාරයට මල් රුගෙන යන ස්‌ත්‍රින්ය ආදි වශයෙන් විවිධ මත රාශියක් විවිධ විචාරක විද්වතුන් විසින් ඉදිරිපත් කොට ඇත.
ඉහත මත වලට අමතරව සීගිරි චිත්‍ර අන්තඃපුර ස්‌ත්‍රීන් ය. පිදුරන්ගල විහාරයට මල් රුගෙන යන ස්‌ත්‍රින්ය ආදි වශයෙන් විවිධ මත රාශියක් විවිධ විචාරක විද්වතුන් විසින් ඉදිරිපත් කොට ඇත.