දැනට ඇති සීගිරි චිත්‍රවල ඇති විශේෂ ලක්‍ෂණ
 
 
සීගිරි චිත්‍ර වල ඇති ප්‍රධාන ලක්‍ෂන
01. නාරි ලාලිත්‍යය
02. ලෞකික පක්‍ෂයට නැඹුරුවීම
03. සියුම් සඡිවි රේඛා භාවිතය
04. ත්‍රිමාණ ලක්‍ෂණ
05. සියලු රූප කාන්තා රූප විම
06. ඉන්දියාවේ අඡන්තා චිත්‍රවලට සමකාලීන වීම හා ශිල්පක්‍රම සමාන විම
 
සීගිරි චිත්‍ර පිළිබඳ සිතුවම් ආරක්‌ෂා කිරීම පිළීබඳව ඛාන් බහදුර් මොහොමඩ් සානා උල්ලා මහතා ගේ වාර්තාවේ සඳහන් වී ඇත්තේ ඡලයෙන් දියකළ සායමින් මෙම චිත්‍ර ඇඳ ඇති බවයි.
ක්‍රි.ව. 150 දී පමණ සකස්‌ කරනලද ටොලමි ගේ ලංකා සිතියම අනුව පෙරදිගට යාත්‍රාකළ ශ්‍රික නැවියන් මෙරට ස්‌ථාන කිහිපයක්‌ පිළීබඳ විස්‌තර සඳහන් කර ඇත. ඒම විස්‌තර අතර සීගිරිය පිළිබඳ තොරතුරු ද අන්තර්ගත කොට ඇත. ක්‍රි.ව. 522 දී ග්‍රන්ථයක්‌ රචනාකළ ඉන්ඩිකෝප් ලුස්‌වේස්‌ නම් ශ්‍රීක ඡාතිකයා පවසන අන්දමට සොපැටුස්‌ නම් රෝම ඡාතිකයෙකු සිංහල රඡුවිසින් මහත් හරසරින් පිළිගන්නා ලද බව එම ග්‍රන්ථයේ සඳහන්වී ඇත. අනුරාධපුර කැණිම් තුළින් රෝම කාසි 2000 ක්‌ පමණ සොයාගෙන ඇත. මනාසේ සැලසුම් කරනලද සුවිසල් මාලිගා උයන්වතු සංකීර්ණ වලින් හෙබි සීගිරිය සමකාලීන ආසියාවේ අනුපම නිර්මාණයක්‌ වු නමුදු එය රෝමයේ සහ පැරණි පර්සියාවේ භුදර්ශන කලා ශිල්පයට වෙසෙසින් ම සමීප වේ.
ඉන්දියාවේ කෞටිල්‍ය ගේ අර්ථ ශාස්‌ත්‍රයේ චාර්භාග් නැමැති ගෘහනිර්මාණ ස්‌වරූපය ලාංකීය සීගිරි උද්‍යාන විද්‍යාව තුළ දක්‌නට ලැබේ ( දෙපස සමානබව) ශ්‍රී ලංකා ඉතිහාසයේ මුල් අවධියේදී මෙරටට විවිධ රටවල කලාශිල්ප වල ලක්‍ෂණ ලාංකීය සංස්‌කෘතියට බලපා ඇති සාදක දක්‌නට ලැබේ.
 
ලංකාවට ඉන්දියාව චීනය හා යුරෝපයෙන් විවිධ ඡන කොටස්‌ පැමිණිම පිළීබඳ තොරතුරු පිළීබඳ විස්‌තර සඳහන් වුවත් ඔවුන් තුළ ඇති විශේෂ කුෂලතා ඥානය ලාංකීය කලාවට සම්බන්ධ කරගැනීම තීක්‍ෂණ ඥානය ලාංකීය කලාශිල්පියකු තුළ තිබු බව සීගිරි චිත්‍ර අධ්‍යයනය කිරීමෙන් හැඳිනගත හැකිවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017