සීගිරි චිත්‍ර මුලින්ම සොයාගනු ලැබුවේ පුරාවිද්‍යා අධිකාරි H.C.P. බෙල් මහතා විසිනි. මෙම චිත්‍ර ඉන්දියාවේ ගුප්ත කලා සම්ප්‍රදායට අයිතිවන අතර ඒවා දේශිය වර්ණ භාවිතයෙන් අඳින ලද සිතුවම් විශේෂයකි. මෙම සිතුවම් 1967.09.14 දී සාහසිකයින් විසින් විනාශ කිරිමෙන් අනතුරුව ඒවා නැවතත් යථාතවයට පත් කරනු ලැබුවේ ඉතාලි ඡාතික ආචාර්ය ලුසියානෝ මරන්සි විසිනි. මෙහි ඇති ප්‍රධාන චිත්‍ර ක්‍රි.ව. 5 වන සියවසට අයිතිවන අතර විවිධ කාල වලට අයිතිවන කලාකෘති ද හමු වී ඇත. සීගිරි චිත්‍ර ශිල්පියාගේ ශිල්ප සම්ප්‍රදාය වී ඇත්තේ ප්‍රෙශකෝ බුවනෝ නැමැති තෙත බදාමය නැමැති ක්‍රම වේදයයි. මෙහිදි අඳින ලද වර්ණ බදාමය තුළට අන්තර්ගතවීම කාවැදීම නිසා චිත්‍රයේ කල් පැවැත්ම ඉන් තීරණය වී ඇත. රතු කහ දුඹුරු කොළ නිල් මෙම සිතුවම් ඇඳිම සඳහා භාවිතයට ගෙන ඇත. ඒවා දේශිය වශයෙන් නිපදවාගෙන ඇත. වර්තමාන පුරාවිද්‍යාඥයින්ගේ අදහස වී ඇත්තේ මෙම සිතුවම් ටෙම්පරා ශෛලියට ද අඳින ලද කෘති වල ලක්‍ෂණ ද මෙහි අන්තර්ගත වන බවයි.