මහියංගනයේ ධාතු ගර්භයේ බිතු සිතුවම් 2
 

සිවුරු පොරවන ලද රූප ආචාර්ය පරණවිතාන ශුරින් හඳුන්වා ඇත්තේ බුදුන්වහන්සේ බුද්ධත්වයට පත් අවස්‌ථාව සම්බන්ධ සිද්ධියක්‌ බවයි.

බුදුන්වහන්සේ ගේ රූපය දෙපස රුවුල් සහිත බ්‍රහ්ම රූප දෙකකි. එක්‌ අතකින් නටු සහිත නෙඑම් මල් පොකුරක්‌ ද දරා සිටි. කරේ පැතෙලි පුණ නුලක්‌ ඇත. කොණ්‌ඩය මුදුන්කොට බැඳ ඇත. මෙම රූප ඇඳ තිබෙන්නේ වලාකුල් මත සිටින සේය. අගල් 19- අගල් 16 ප්‍රමාණයෙන් යුතු චිත්‍ර එපකයෙකි.


බුද්ධ රූපයේ ඉහළ බෝධිය ඇඳ ඇත.  බෝකොළ පැහැදිලිව පෙනේ. පසුතලයේ තොරණ කැටයම් සහිතව නිර්මාණය කොට ඇත.


සුදු වටයක්‌ ඇති රවුමක්‌ තුළ ඇඳ ඇති මාර දිව්‍ය පුත්‍රයාගේ රුවට පහතින් හිස මුඩුකල සිවුරු පොරවාගත් ශුද්ධාවාසවල වෙසෙන බ්‍රහ්ම රූප කිහිපය අලංකාර නිර්මාණ වෙයි. එහි එක රූපයක්‌ අගල් 26 පමණ උසකින් යුතුවන අතර මාරදිව්‍ය පුත්‍රයාගේ රුව ඇඳ ඇත්තේ අගල් 8 ක්‌ පමණ විෂ්කම්භයක්‌ ඇති රවුමක්‌ තුළය.

එම චිත්‍ර කැබැල්ල අගල් 36 ක්‌ හා උඩ අගල් 14 ක්‌ පළල වේ. ධාතුගර්භයේ ප්‍රමාණයේ හැටියට චිත්‍රයෙන් කැඩීගොස්‌ ඇත්තේ අගල් 19 ක කැබැල්ලකි.

මෙම චිත්‍රවල ඇදුම් පොලොන්නරු චිත්‍රවල මෙන් දොතිය අන්දවා තිබීම දක්‌වා ඇත. එවා පොලොන්නරු තිවංක පිළිමගෙයි චිත්‍ර තරම් නිදහස්‌ව රේඛා භාවිතා කොට නොමැත.

මහියංගන දාගැබේ චිත්‍රවල රේඛා කංචුක රේඛා නොවන අතර රේඛාවෙන් අඳින ලද පුර්ණ රේඛා සම්ප්‍රදායක්‌ නිරූපණය කරන්නකි. මිනිස්‌ රූපයේ හැඩය වින්‍යාසය සහ පරිණාමය පිළිබඳ ශිල්පියාට තිබු දැනුම ඉතා ඉහළ තත්වයක පවති.