මහියංගනයේ ධාතු ගර්භයේ බිතු සිතුවම් 1
 

මහියංගන ධාතු ගර්භ සිතුවම් වල වර්ණ හා රේඛා ගැලපීම අතිශය දියුණු ශිල්පිය ඥානයක්‌ පිළීඹිබු කරන්නකි. ඇස්‌ කන් නාසය ඇඳිම වැනි සියුම් රේඛා භාවිතකළ යුතු ස්‌ථානවල රේඛා නිදහස්‌ව ගලායාමට සලස්‌වා ඇත. එය ඉතාම දියුණු ක්‍රමවේදයකි. පොලොන්නරු තිවංකපිළිමගෙයි චිත්‍රවලට නෑකම් කියන මෙම සිතුවම් ස්‌වාධින ශෛලියක්‌ නිරූපණය වන චිත්‍ර කලාවෙකි.

 

ගුරුගල් පැහැයට හුරු රතු කඑ කොළ පැහැය රඹ පැහැය කහ පැහැය සිතුවම් සඳහා උපයෝගී කරගෙන ඇත. මෙම ධාතුගර්භය හරි හතරුස්‌වු පැති 4 කින් සමන්විත වු ධාතු ගර්භයකි. උස අඩි 03 අගල් 9 කි. බිත්තියේ හතර පැත්තෙන් ම චිත්‍ර 4 ක්‌ සිත්තම් කරන්නට ඇතැයි අනුමාන කළ හැකිවේ. මෙම චිත්‍ර අතර බුද්ධරූප තුනක්‌ නිරූපණය කොට ඇත. එක බුදුරුවක්‌ විනාශවි ගොස්‌ ඇති අතර අනෙක්‌ දෙක ඇඳ ඇත්තේ බෝධි බුලයෙහි වැඩසිටින විලාශයකිනි. එක වෘක්‍ෂයක අතු අග සපුමල් නිරූපණය වේ. බුද්ධ රූප පිටුපසින් තොරණක ස්‌වරූපය නිරූපණය කොට ඇත. අනෙක්‌ චිත්‍ර දේවරූප සහ භික්‍ෂු රූපවේ.

 

මුඩුහිස්‌ සහිත සිවුරු පොරවන ලද මෙම රූප වලින් කියාපාන්නේ බ්‍රහ්ම ලෝකයෙහි ශුද්ධාවාස වල වෙසෙන දෙවියන්ගේ රූප බව ආචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ මතය වේ. මෙම රූපවල ට ඉහළින් වමතින් කඩුවක්‌ද දකුණතින් පලිහක්‌ද දරා සිටින මාර දිව්‍ය පුත්‍රයා නිරූපණය කොට තිබීම විශේෂ ලක්‍ෂණයකි. මෙම චිත්‍රය පිළිබඳ මංඡුශ්‍රී මහතාගේ මතය වන්නේ මෙය යක්‍ෂ සේනාධි පතියෙකු ගේ රුවක්‌ නිරූපණය වන බවයි.

 

(c) Shilpa Sayura Foundation 2006-2017