රණස්‌ගල්ලේ හිමි
 

 සාහිත්‍ය තරම් මිනිස්‌ හදවතට සම්ප වු අන් මාධ්‍යයක්‌ නොමැති තරම්. මිනිසා යහ මඟට යොදා ගැනීමට ඇති හොදම මාධ්‍යය සාහිත්‍යයයි. යහපතින් අයහපත වෙන් කර දීමට, නිවැරදි දැක්‌මෙන් වැරදි දැක්‌ම හදුන්වා දීමට, වැරදි නිවැරදි කරගැනීමට සාහිත්‍යය තරම් අන් මාධ්‍යයක්‌ නොමැත්තේමය. ධම්ම පදය, හිතෝපදේශ, නාලාඩියාර් යන පාලි, සංස්‌කෘත, දමිල යන සාහිත්‍යය කෘති මේ සඳහා නිදසුන් ලෙස දැක්‌විය හැකිය.


උපදේශයටම වෙන් වු සාහිත්‍ය කෘති සිංහලයේ දැකිය හැක්‌කේ ගණනින් තුනක්‌ පමණී. ඉන් පළමු වැන්න කෝට්‌ටේ යුගයේ දී විදාගම හිමියන් විසින් රචිත ලෝ වැඩ සඟරාවය. දෙවැන්න සීතාවක යුගයේදී අලගියවන්න මුඛවෙටි විසින් රචිත සුභාෂිතයයි. තෙවැන්න මහනුවර යුගයේ දී රචිත රණස්‌ගල්ලේ හිමියන්ගේ ලෝකෝපකාරයයි.


ලොවට උපකාරයක්‌ පිණිසම කරන ලද "ලෝකෝපකාරය" තොටගමු විහාරයේ බොහෝ කලක්‌ වැඩ සිටි රනස්‌ගල්ලේ හිමියන් විසින් 1799 දී කරන ලද්දක්‌ බව එහිමියන් විසින් සිය කෘතියේ සඳහන් කරනු ලබයි.


"සැරිසර ගුණැති මහ - නැණ තෙදිනි සිටි පරසිදු
සිරි පිරි තොටගමුවේ - වෙහෙර කල්වැඩ සිටි


කෙළවර කළෙ මෙපොත - පුරසතවක පිරිසිරි
පරපුරෙ වණිජකල - රණස්‌ගල තෙර සාමින්"


රණස්‌ගල්ලේ හිමි වැලිවිට අසරණ සරණ සරණංකර සඟරාජ හිමිපාණන්ගේ අනු ශිෂ්‍යයෙකි. රණස්‌ගල්ලේ කාලිංග තෙලිගපත්ති නාරායන ගුණරත්න දේවරක්‌ඛිත බුවනෙකබාහු එතුමාගේ සම්පූර්ණ නාමයයි. පාලි සංස්‌කෘත භාෂා පිළිබඳ හසල දැනුමක්‌ ඇති රණස්‌ගල්ලේ හිමි එකල සිටි ප්‍රසිද්ධ උගතෙකි.

(c) Shilpa Sayura Foundation 2006-2017