කොමාව යෙදීම ,
 

කොමාව (,) වාක්‍යයක නොයෙක්‌ කොටස්‌ අතර පැවසිය හැකි ඇතැම් මඳ විරාමය දැක්‌වීම සඳහා යෙදේ.

කෘදන්ත නිපාත හා ආශ්‍රිත වාක්‍ය ඛණ්‌ඩ කෙළවරෙහි (අවසන් වාක්‍ය කණ්‌ඩයකෙළවරෙහි කොමාව අනවශ්‍ය ය.)
ළමයි පාසල් බිමට ඇතුළු ව, මඳක්‌ ක්‍රීඩා කොට, පන්සිල් ගෙන, පංති කාමරයට
ගොස්‌ ඉගෙනීමෙහි නිරත වූහ.

ප්‍රධාන අදහසක්‌ හා ඈදුණු එක්‌ ගණයකට අයත් වචනවලට පර ව :
සරසන ලද ටැම්, බිත්ති, දොර, කවුළු ආදිය ද තැන තැන ලඹ දුන් මල්වැල්
කොඩිවැල්, බුබුළුවැල් ආදිය ද ඒ ශාලාව පියකරු කෙළේ ය.

ඒ අවසන් වචනයට පර ව කොමාව නො යෙදේ.

නිදසුන් සැපයීම, නම් වැලක්‌ ඉදිරිපත් කිරීම වැනි තන්හි :

ඇතැම් ස්‌වදේශික බෙහෙත් ද්‍රව්‍ය :
අරළු, බුළු, නෙල්ලි, ඉඟුරු, බැබිල, කටුවැල් බටු

(c) Shilpa Sayura Foundation 2006-2017