මිහින්තලේ කණ්‌ඨක දාගැබේ චිත්‍ර
 

මෙම චෛත්‍යයේ ගර්භය අඩි 12 ක්‌ හරි හතරුස්‌ ස්‌වරූපයකි. අඩි 08 අඟල් 9ක්‌ ගැඹුරුවේ. මෙම ගර්භයට අඩි 08 ක්‌ ගැඹුරින් තවත් ගර්භයක්‌ හමුවී ඇත.මෙම අභ්‍යන්තර ගර්භයේ සිතුවම් හමුවි ඇත.

ත්‍ර කලාවේ පරිණාමය අතින් විශාල වැදගත් සාක්‍ෂි හෙළි කෙරෙන මිහින්තලේ කටුසෑයේ සිතුවම් ඇඳිමේ මුලධර්ම හමුවන ප්‍රධාන ස්‌ථානයක්‌ වශයෙන් හඳුන්වා දිය හැකිවේ.මෙම චිත්‍රවල යටිකය වලාකුළෙන් වැසීගිය දේවරූප නිරූපණය කොට ඇත.සමහර දේවරූප නෙඑම් මල් ගෙන සිටි.අනෙක්‌ ඒවා බෝසතුන් සමිත අප්සරාවන් ය යනු බොහෝ විචාරකයින්ගේ අදහසයි.මෙම සිතුවම් දුඹුරු රතු වර්ණයෙන් ඇඳි රූපවේ.සියල්ල ම රේඛා මාධ්‍යයෙන් ඇඳි සටහන් මෙහි නිරූපණය කොට තිබේ.

මෙම චිත්‍ර අනුරාධපුර සිගිරි චිත්‍ර වලට වඩා පැරණි වන අතර ඒවායෙහි ශිල්පී න්‍යායන් ඉතා ඉහළ මට්‌ටමක පවතී.

මෙහි ඇති ධාතු ගර්භ සහිත බිත්ති තුනක්‌ දැනට අනුරාධපුර කෞතුකාගාරයේ ප්‍රදර්ශවය සඳහා තබා ඇත.මෙම චිත්‍ර පිළිබඳ 1951 පුරාවිද්‍යා වර්තාවේ සඳහන් වන්නේ සිගිරි චිත්‍රවල යටිකය වලාකුළින් වැසී තිබෙන්නේ යම්කිසි අදහසක්‌ අරබයා බැව් මේ සිත්තම් වලින් ඔප්පු වන බවය.

මෙම චිත්‍රවල ඇදුම් සරුවාල පෝතියකට සමාන දෙකට බෙදුණු ඇඳුම් වේ.
මෙම මිහින්තලේ ගර්භ චිත්‍ර දාගැබේ තැනු මුල් කාලයට අයත් ඒවා වශයෙන් පැහැදිලිව හැඳිනගෙන ඇත .
ධාතු ගර්භයේ සුන්බුන් අතර වු අටැස්‌ ථුපයෙහි එක්‌ මුණතක යෙදූ පෙ යන සිංහල අක්‍ෂරය සටහන් කර තිබිණි.එය අක්‌ෂර විලාසය අනුව අටවෙනි ශතවර්ෂයට අයත් නිර්මාණයක්‌ මෙම ස්‌ථානයෙන් හමුවන පුරාවිද්‍යා අධිකාරීන්ගේ අදහස වේ.

මෙම කණ්‌ඨක ද්‍රගැබේ චිත්‍ර සිගිරි චිත්‍රවලට වඩා පැරණි වේ.කණ්‌ඨක ද්‍රගැබේ චිත්‍ර රූපවල මැදින් රේඛාවක්‌ යොදා තිබීම චිත්‍ර කලාවේ මුලධර්ම විධි පරීමාණ පිළිබඳ විශාල දැනුම් සම්භාරයක්‌ ලොවට කියා පාන්නකි.
(c) Shilpa Sayura Foundation 2006-2017