තිත යෙදීම .
 

තිත (.) වාක්‍යයක අවසානය දැක්‌වීම සඳහා යෙදේ.

පුද්ගල නාම මුල'කුරු හා යෙදේ.
සු.බ. තෙන්නකෝන්
ක.ග. අමරසේන
ආර්.එස්‌. ගුණවර්ධන
එන්. මීගම්මන

නාමයක්‌ කෙටි කොට දැක්‌වීමේ දී යෙදේ.

ලං.ග.ම. (ලංකා ගමනාගමන මණ්‌ඩලය)
රු. 30/= (රුපියල් 30/=)
පූජා. (පූජාවලිය)

'ලං.ග.ම.' වැනි වහර ඇතැම් විට 'ලංගම' යනුවෙන් මුල'කුරු පද බවට පත් වන අවස්‌ථාවල දී තිත් අනවශ්‍ය ය.
අපොස
ජනවසම
ලංගමෙහි
සතොසෙන්

දශම භාග දැක්‌වීමේ දී යෙදේ :
මෙහි දී තිත, පේළියේ මඳක්‌ ඉහළින් ලිවිය යුතු ය.
4125.34

ශීර්ෂ පාඨයක්‌ අවසානයෙහි දී තිත අනවශ්‍ය ය.
ආගම හා සමාජය

නිදසුන් වශයෙන් පද, වාක්‍ය ඛණ්‌ඩ ආදිය එක යට එක සැපයෙන අවස්‌ථාවල දී තිත අනවශ්‍ය ය.

සභාවට පැමිණි විශේෂ අමුත්තෝ :
ගරු නායක ස්‌වාමිපාදයන් වහන්සේ
නගරාධිපති තුමා
මහා විද්‍යාලයාධිපති තුමා

සභාවේ දී ගන්නා ලද තීරණ :
1. දහම් පාසල් වැඩි දියුණු කිරීම
2. ඉරු දින පොළක්‌ ආරම්භ කිරීම
3. අලුත් අවුරුදු ක්‍රීඩා උත්සවයක්‌ පැවැත්වීම

(c) Shilpa Sayura Foundation 2006-2017