වෙස්‌සගිරිය චිත්‍ර
 

වෙස්‌සගිරිය පිහිටා තිබෙන්නේ අනුරාධපුර ඉසුරුමුණි  විහාරය ආසන්නයේය. ස්‌වභාවික කඑගල මත බදාම තවරා මේ චිත්‍ර ඇඳ ඇත.

පළමුව චිත්‍ර පිහිටි බදාමය මත ගෝරෝසුවට තුනී බදාමයක්‌ ගා ඒ මත දෙවෙනි වර ඇඳිම කර තිබේ.දෙවෙනි තට්‌ටුව ගැලවි යාම නිසා යට තට්‌ටුවේ ඇති පැරණි චිත්‍ර හැඳින ගැනීමට හැතියාව ලැබි ඇත.

වෙස්‌සගිරියේ චිත්‍ර වල දෙවෙනි බදාමය මත අඳින ලද දේවරූප කිහිපයක්‌ පැහැදිලිව දක්‌නට ලැබේ.(1995 වර්ෂය) ඒවා කහ රතු නිල් පැහැය භාවිතයෙන් ඇඳ ඇත. මෙම චිත්‍ර සිගිරි චිත්‍රවලට සමානකමක්‌ දක්‌වයි. වාඩිවී සිටින දේව රූපය නැමැති නිර්මාණයේ ඉණට ඇඳ ඇති ඇදුම කොළපාටින් සටහන් කොට ඇත. දෙවෙනි කට්‌ටුවේ ඇති මල් පාත්‍රයක්‌ ඉතා ම පැහැදිලිව නිර්මාණය කොට ඇත. එහි ඉද්දමල් නිරූපණය කොට ඇත. රිද්මයකට අඳින ලද මිනිස්‌ රූප ඇඳ ඇත. එහි දකුණු පැත්තේ අඟල් 30 ක්‌ පමණ උස දේව රූපයෙකි. තද ගුරුපාට රේඛාවෙන් ඇඳ ඇත. වම් පැත්තේ ගලේ අලංකාර නෙළුම් මල් පොකුරක්‌ නිරූපණය කොට ඇත

මල් අතින් ගත් රූප වැඳගෙන සිටින රූප මල් පාත්‍ර අතින් ගත් රූප මහාරාඡ ලීලාවෙන් කාන්තා රූපය පිපීගිය මහනෙල් මල චිත්‍රය විසුශෙෂ කලාකෘති ලෙස හඳුන්වා දිය හැකිවේ.

මෙම චිත්‍ර අනුරාධපුර යුගයට අයිති සිගිරි චිත්‍ර පුල්ලිගොඩ ගල් ගුහාවේ චිත්‍ර ශෛලියට අනුව අඳින ලද ශෙලියක්‌ නිරූපණය කරන අතර වෙස්‌සගිරි චිත්‍ර අනුරාධපුර චිත්‍ර කලාවේ ප්‍රාරම්භක අවස්‌ථාවන් සනිටුහන් කරන්නකි.

කොළ රඹ කහ සහ රතු වර්ණ දේශිය වශයෙන් සපයාගෙන සිතුවම් ඇඳ ඇත. වෙස්‌සගිරි චිත්‍රවල රේඛාකරණය ඉතා ම ප්‍රාණවත් වන අතර වේගවත් රේඛා ශෛලියක්‌ කියාපාන සිතුවම් වෙස්‌සගිරිය ලෙන් ආශ්‍රයෙන් හැඳින ගත හැකිවේ.

මෙම චිත්‍ර අනුරාධපුර සමයේ මුල් භාගයට අයිති චිත්‍ර ඵලක නිසා එය විනාශයට පත්වු විටෙක එම චිත්‍රකලා සංස්‌කෘතිය හැඳිනගැනීමට හැකියාවක්‌ නොලැබෙන බව විශ්වාෂයෙන් කිව යුතුවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017