1 වන විජයබාහු රජතකුමාට පෙර චෝල පාලන යුගයේ ගොඩනැගිලි අතරින් පැහැදිලිව හඳුනාගත හැකි චෝල ගෘහ නිර්මාණ සම්ප්‍රදායට අයත් එකම ගොඩනැගිල්ල වන්නේ අංක 02 දරණ ශිව දේවාලයයි.
හින්දු ශිව දේවාලවලට ආවේණික වාස්‌තුක විද්‍යාත්මක ලක්‌ෂණ එහි දක්‌නට ලැබේ. මුළු ගොඩනැගිල්ලම අලංකාර පාදමක් මත නැගී සිටී. සමචතුරස්‍ර ගර්භ හා අන්තරාලය එහි ප්‍රධාන කොටස්‌ය. ගර්භ ගෘහයට අණ්‌ඩාකාර වහලයක් ඇත. සම්පූර්ණ ගොඩනැගිල්ලම ගලින් නිමවා ඇත.
පිටතට පැන්නූ කුළුණු වලින් බිත්ති අලංකාර වෙයි. මේ බිත්ති මත පිරමීඩාකාර වූ තුන්මහල් විමානයක් ඉදිකර ඇත. චෝල පාලන යුගයේ ඉදිකළ විෂ්ණු දේවාලයක (නයි පෙන විහාරය) හා තවත් ශිව දේවාල කීපයක්‌ද නටබුන් හමු ව ඇත.
නයි පෙන විහාරයට දකුණින් ඇති විශාලතම ශිව දේවාලය පැරණි ගොඩනැගිල්ලක් ශිව දේවාලයක් බවට පරිවර්තනය කරන ලද්දකි. මෙය චෝල පාලකයන් සිටි තැනක් විය හැකිය.
පොළොන්නරු යුගයට අයත් ගොඩනැගිලි කීපයක නටබුන් අනුරාධපුරයෙන් පඬුවස් නුවරින් හා රුහුණු ප්‍රදේශයෙන් සොයාගෙන ඇත. අනුරාධපුරයෙන් දැනට සොයාගෙන ඇති රජ මාළිගය 1 වන පරාක්‍රමබාහු රජු විසින් තනවන ලද්දකි. එය ඉදිකොට ඇත්තේ චෝල අක්‍රමණිකවලින් විනාශයට පත්වූ ගොඩනැගිලි වලින් එකතු කරගත් ද්‍රව්‍ය වලින් ය.
පරාක්‍රමපුරයේ (පඬුවස් නුවර) රජ මාලිගයේ නටබුන් පරාක්‍රමබාහු රජුගේ කාලයට අයත්ය. මෙය ඉතා ක්‍රමවත් සැලසුමකට අනුව ගොඩනගා ඇත.
වර්තමාන ඌව පළාතේ ගලබැද්ද නම් ස්‌ථානයේ (උඳුන් දොර) දක්‌නට ලැබෙන නටබුන් වූ රජ මාලිඟය ද පොළොන්නරු යුගයට අයත් වේ.
පරාක්‍රමපුරයේ (පඬුවස් නුවර) රජ මාලිගයේ නටබුන් පරාක්‍රමබාහු රජුගේ කාලයට අයත්ය. මෙය ඉතා ක්‍රමවත් සැලසුමකට අනුව ගොඩනගා ඇත.
වර්තමාන ඌව පළාතේ ගලබැද්ද නම් ස්‌ථානයේ (උඳුන් දොර) දක්‌නට ලැබෙන නටබුන් වූ රජ මාලිඟය ද පොළොන්නරු යුගයට අයත් වේ.
පොළොන්නරු යුගයේ ගොඩනැගිලිවල අනුරාධපුර යුගයේ ගොඩනැගිලි වලට වඩා වෙනස්‌කම් ඇත.
ගොඩනැගිලිවල විසිතුරු බව වැඩිය. අලංකාරයට මුල් තැන දී ඇත.
බදාමයට හුණු වැඩියෙන් යොදා ඇත.
පියස්‌සද අනුරාධපුර යුගයට වඩා වෙනස්‌ය.
රජ මාලිගා හා බෞද්ධ ගොඩනැගිලි සඳහා ගල්වලට වඩා ගඩොල් භාවිත කර තිබේ.