පොලොන්නරු යුගයේ සාහිත්‍යය වර්ධනය
  පොළොන්නරු යුගයේදී සිංහල සාහිත්‍යය විවිධ අංශවලින් පොෂණය වීය. පන්සල් හා පිරිවෙන් ආශ්‍රයෙන් පැතිර ගිය අධ්‍යාපනය එකල සාහිත්‍යයේ දියුණුවට හේතකු විය. මහා විජයබාහු රජතුමා "මහාකවි" යනුවෙන් වංශ කතාවේ හඳුන්වා ඇත. එතුමා පොත්පත් ලියූ අතර උගතකුන්ට විශාල ලෙස අනුග්‍රහය දුන්නේය. මෙකල සිංහල සහ මාගධී යන භාෂාවලින් පොත් පත් ලියැවී ඇක කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසු මේ පොත්පත් ගිනි තබා විනාශ කළ බැවින් අද දක්‌වා ඉතිරිව ඇත්තේ
ඉතා ස්‌වල්පයක්‌ පමණි.

1 වන විජයබාහු රජුගේ පනාකඩුව තඹ සන්නස හා අඹගමුව ශිලා ලිපිය එකල ලින්ත බසෙහි වූ ප්‍රාණවත් බව පෙන්නුම් කරයි. මෙම ලිපි දෙකම මටසිලිටි හෙළබසින් ලියා ඇත. ඉන්පසුව ලියැවුණු මහා පරාක්‍රමබාහු රජුගේ ගල් විහාර ලිපිය හා නිශ්ශංක මල්ල රජුගේ සෙල්ලිපි සංස්‌කෘත හා සිංහල මිශ්‍ර භාෂා ශෛලියකින් ලියා ඇත. මේ මිශ්‍ර සිංහලය එකල ගද්‍ය සාහිත්‍යයේද දක්‌නට ඇත.

දකුණු ඉන්දියානු බලපෑම මත දමිළ බසද ඇතැම් ලේඛන සඳහා භාවිත කොට ඇත. 1 වන විබයබාහු රජුගේ වේලයික්‌කාර සන්නස හා මහාපරාක්‍රමබාහු රජුගේ නයිනතිවු සෙල් ලිපිය ඊට නිදසුන්ය විජයබාහු රජ්‍ය කාලයේ යළි බෞද්ධ ප්‍රබෝධය ඇති වූ නිසා පාලි භාෂාවේ දියුණුවද ඇතිවිය. බුද්ධාගම නැවත නඟා සිටුවීම සඳහා භික්‌ෂුන් වහන්සේලා විසින් පොත්පත් විශාල වශයෙන් රචනා කොට ඇත.

දිඹුලාගල වැඩි මහා කස්‌සප හිමි, පොළොන්නරුවේ මුග්ගල්ලාන හිමි, ධර්මකීර්ති, සංඝරක්‌න්ත, වාචිස්‌සර හා සුමංගල යන ස්‌වාමීන් වහන්සේලා පාලි උගත්තකු වූහ.

මෙකල පාලි භාෂාවෙන් රචිත පොත්පත් බොහොමයක්‌ ත්‍රිපිටකට අළලා ලියැවුණු අභිධම්මත්ත, සංග්‍රහ, සමන්ත පාසාදිකා, දාඨාවංශ, මහා බෝධි වංශ, ථෙර ගාථා, යෝග විනිච්චය අභියධම්මත්ථ, විභවිනී, රූපා රූප විභාග, මොග්ගල්ලාන ව්‍යාකරණය සහ මහාවංශය (මහා වංශයේ දෙවන කොටස) මෙකල පාළි භාෂාවෙන් රචනා වූ පොත්ය.

හින්දු සංස්‌කෘතියේ බපපෑම නිසා සකු (සංස්‌කෘත) බසද දියුණු විය. සංස්‌කෘත භාෂාවේ බලපෑම් සිංහල භාෂාවටද ලැබුණි. එය සිංහල භාෂාවේ පෝෂණයටද හේතු විය. කාශ්‍යප හිමියන් ලියූ

"පද්‍යවතාර" යන ග්‍රන්ථ සංස්‌කෘත ව්‍යාකරණය හදාරන්නවුන්ට අත්වැලක්‌ විය. ඒ හැර නාමාෂ්ඨ ශතකය, අනුරුද්ධ ශතකය, සහ බුද්ධ පද්‍යය මෙකල සංස්කෘත බසින් රචිත වෙනත් පොත්ය.

සිංහල ග්‍රන්ථ (ගද්‍ය)

අමාවතුර :- ක්‍රි. ව. 12 සියවසේඳී ගකුරුළුගෝමි පඬිතකුමා විසින් රචනා කොට ඇත. බුදුරජාණන් වහන්සේ`ගේ පුරිස ධම්ම සාරථි ගකුණය බෙහෙවින් සිත් ඇදගන්නා අයුරින් විස්‌තර කර ඇත.

අමාවතුරෙහි ඇති සාහිත්‍යමය අගය නිසා එය උසස්‌ ග්‍රන්ථයක්‌ ලෙස සැලකේ.

ධර්ම ප්‍රඳීපිකාව :- බුදු දහම අළලා ලියව ඇත. සංස්‌කෘත මිශ්‍ර ගැඹුරු බසක්‌ භාවිත කොට ඇත. මෙයද ගුරුළු ගෝමීන්ගෙන්ම රචනයකි.


බුත්සරණ, දහම් සරණ හා සඟ සරණ :-
මෙම ග්‍රන්ථ තකුන රචනා කර ඇත්තේ විද්‍යා චක්‍රවර්ති පඬිවරයාය. උපමා යෙඳීම හා වියත් ලෙස අදහස්‌ ප්‍රකාශ කිරම අතින් සියලුම සිංහල ලේඛකයන් අභිබවා සිටීමට ඔහුට හැකිව ඇත.

සිංහල ථූපවංශය :- විද්‍යා චක්‍රවර්තී පරාක්‍රම පණ්‌ඩිත නමැති ලේඛකයාගේ කෘතියකි. (මොහු බුත්සරණ කතුවරයා නොවේ)

සඳ ලකුණ :- සිංහල භාෂාවට ලියවුණු පැරණිම ව්‍යාකරණ ග්‍රන්ථය වේ. සිදත් සඟරාව ලෙස දැනට හඳුන්වන ග්‍රන්ථය මෙය විය හැකි යයි මතයක්‌ ද ඇත.

සන්න (ගැටපද) කෘති :
පාලි හා සංස්‌කෘත පොත්වල දුරවබෝධ වචන විස්‌කර කරමින් ලියා ඇති පොත් මේ නමින් හැඳින්වේ.

අභිධම්මත්ථ සංගහ සන්න, විනය සන්නය, මේඝදුත සන්නය, ජානකී හරණ සන්නය, සසදා සන්නය, දාඨාවංශ සන්නය, ජාතක සන්නය, අටදා සන්නය, කකුදුසිඛ සන්නය, මහා බෝධිවංශ, ගැටපදය, ජාතක අටුවා ගැටපදය යන සන්න කෘති මේ යුගයේ ලියැවී ඇත.

පද්‍ය ග්‍රන්ථ :
රෑ සසඳාවත :- ලීලාවතී රැජිනගේ කාලයේ ලියාවුණු ග්‍රන්තයකි. මහා කාව්‍ය ලක්‌ෂණ ඇතුළත් කොට ලියා ඇත. සසජාතකය තේමාව වේ.

රෑ මුවදෙව්දාවත :- මඛාදේව ජාතක කතාව ඇසුරින් මහා කාව්‍යයක ලකෂණ (පුරවැනුම්, සෘතු වැනුම්, සනවැනුම් ආදිය) ඇතුළත් කොට රචනා කර ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017