පොළොන්නරු යුගයේ සාමාජීය ලක්‍ෂණ
 

අනුරාධපුර යුගයට වඩා පොළොන්නරු යුගයේ සමාජ ව්‍යුහයෙහි වෙනස්‌කම් රැසක්‌ දක්‌නට ලැබේ. සාහිත්‍යය හා පුරා විද්‍යාත්මක මූලාශ්‍ර වලින් හෙලිවන තොරතුරු වලට අනුව 10 වන හා 11 වන
එකොළොස්‌වන සියවස්‌වලදී සිදුවූ දකුණු ඉන්දියානු ආක්‍රමණ හා සංක්‍රමණ නිසා දකුණු ඉන්දියානු සමාජ සංස්‌ථාවල ආභාසය ලංකා සමාජයට ද ලැබී ඇත.

මේ යුගයේ සමාජය ගෝත්‍ර - වංශ හා කුලවලට බෙදී තිබුණි. අනුරාධපුර යුගයේ දක්‌නට ලැබුණ ශිල්ප ශ්‍රේණි මෙකල "කුල" වශයෙන් සලකන ලද්දේ හින්දු බලපෑම මතය. උසස්‌ හා හීන කුල යනුවෙන් සමාජය කොටස්‌ දෙකකට බෙදුණි.

පෙරසිට පැවති මෞර්ය හා ලම්බකරණ යන ගෝත්‍ර ද කාලිංග, වංශය, පාණ්‌ඩ්‍යවංශය, චන්ද්‍ර වංශය,ගිරිවංශය, වණික්‌ (වෙළඳ) වංශය හා ගණ වැසි ආඳී වූ වංශ කීපයක්‌ ද පිළිබඳ තොරතුරු මූලාශ්‍රවලින් ලැබේ. රජ, බමුණු, වෙළඳ, ගොවි යන උසස්‌ කකුල හතරක්‌ ද වෘත්තීන් අනුව කපු,පොහොර, කුඹල්, ලෝකුරු ආඳී සෙසු කුල කීපයක්‌ ගැනද තොරතුරු ලැබේ.

විවාහයන් සිදුවූයේ කුලය තුළය. කුල අතර විවාහයන් සිදුවූ බවක්‌ නොපෙනේ. එසේ වුවද ඉන්දියානු හා සිංහල ජනයා අතර විවාහයන් සිදු ව ඇතිබවට තොරතුරු ලැබේ. බහු භාර්යා හා බහු පුරුෂ සේවනය දක්‌නට නොවීය. නෑනා මස්‌සිනා අතර විවාහය සිංහලයන් තුළ ප්‍රචලිතව පැවතුණි.

රජුට පමණක්‌ අග මෙහෙසියට අමතරව වෙනත් බිසෝවරු කීපදෙනෙකකු තබා ගැනීමට හැකි විය. උසස්‌ හා පහත් කුල එකට හිඳ ආහාර ගැනීමක්‌ නොවය. ඇඳුම් පැලඳුම් වලද කුල අනුව වෙනස්‌කම් විය.

"පීතෘ" මූලික පවුල සමාජයේ වැදගත් ඒකකය විය. දරුවන් විවාහ වූ පසුද දෙමාපියන් ඇසුරේ ජිවත්විය. එකම නිවසක මව් -පිය - දරු - මුණුබුරු වශයෙන් පරම්පරා කීපයක්‌ එකට ජීවත්වම
සුලභව සිදුවිය.

ස්‌ත්‍රියට සමාජයේ ලැබුණු පුරුෂයින්ට වඩා මඳක්‌ අඩු සමාජ තත්ත්වයක්‌ වුවද සමකාලීන දකුණු ඉන්දියානු සමාජයේ තරම් පහත් තත්ත්වයක්‌ නොවය. ලීලාවතී, කල්‍යණවතී, සුගලා වැනි බිසෝවුන් රාජ්‍යත්වයට පත්වීමෙන් ඒ බව පැහැදිලි වේ. උසස්‌ පවුල්වල කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතියද හිමිවිය.

මේ යුගයේ වාසස්‌ථාන ඒ ඒ ජනකොටස්‌වල සමාජ තත්ත්වය අනුව ඉදිකරගෙන තිබුණි. ප්‍රභූ නිවාස ගලින් හෝ ගඩොලින් බැඳ, කාමර කීපයකින් යුක්‌ත වූ, උළු සෙවිලිකළ, මුළුතැන්ගෙයක්‌ සහිතව ඉදිකර තිබුණි. රජ මාලිගා මහල් කීපයකින් යුක්‌ත විය. සාමාන්‍ය ජනයාගේ නිවාස මැටිගසා පිදුරු, මානා හෝ පොල් අතකු සෙවිළි කළ කාමර එකක්‌ හෝ දෙකක්‌ ඇති පැත්පත් විය. බිම ගොම මැටි ගා සකසා ගති.
ප්‍රධාන ආහාරය වූයේ බත්ය. බත් සමඟ ලබු, අළු පුහුල්, තියඹරා, බටු, කැකිරි තම්පලා, වැනි එළවළු වර්ග වලින් සකසාගත් ව්‍යාජන ආහාරයට ගෙන ඇත. දඩමස්‌ද වැදගත් ව්‍යාජනයක්‌ විය. කුරක්‌කන්, උඳු, මුං, තල, මෑ ආදිය මඟින් පිළියෙල කරගත් ආහාර වර්ගද පස්‌ගෝ රසයද උක්‌ ගසින් ලබාගත් පැණි හා හකකුරු ද භාවිත කර ඇත.

ඉඟරු, දුරු, උළුහාල්, අබ, ගම්මිරිස්‌, එනසාල් ආදිය කකුළුබඩු ලෙස භාවිත කොට තිබේ.

පානය සඳහා ඔසු පැන් (රණවරා, බෙලිමල්, සහ ඉරමුසු තැබ්බූ වතකුර) කොළ කැඳ මෙන්ම කෙසෙල්, බෙලි වැනි පලතුරු වලින් සැකසු බීම වර්ග ද කසපැන්, උක්‌ යුෂ හා විවිධ සුරා වර්ග (උත්සව අවස්‌ථාවලදී) ද භාව්ත කොට තිබේ.

බුලත් සැපීම ගැහැනු පිරිමි භේදයකින් තොරව සමාජයේ සෑම තරාතිරමක අය විසින් කරන ලද්දකි.

සිරිත් විරිත් :-
රන්කිරි කටගෑම, නම් තැබීම, බත් කැවම, කන් විදීම, හිසකේ කැපීම, අත්පොත් තැබීම , වස්‌ත්‍ර ඇන්දවීම ආදී සිරිත් උත්සවාකාරයෙන් සිදුකර ඇත. විවාහ මංගල්‍යයට, ගෙට ගෙවදිමේ මංගල්‍ය, අවමංගල්‍ය කටයුතකු සඳහා ද විවිධ සිරිත් විරිත් භාවිත විය. සෑම සිරිතක්‌ සමගම පූජා විධි ද අනුගමනය කර ඇත. බෞද්ධ හා හින්දු ජූජා විධි එකට අනුගමනය කරන ලද අවස්‌ථාව ඇත. පිරිත් කියා සරත්වතී හා ගණ දෙවියන් පුදා නැකතට අකකුරු කියවීම ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය. බෞද්ධ පූජා විධි අතර පිරිත් කීම, දානය පිළිගැන්වීම වැදගත් විය. නැකැත් බැලීම, දෙවියන් පිදීම ආදී කටයුතු සිරිත් ලෙස සැලකේ.

කෙළි සෙල්ලම් :-
පන්දු ක්‍රීඩාව ඉතා ජනප්‍රිය විය. ස්‌ත්‍රී - පුරුෂ - ළමා - වැඩිහිටි සියලු දෙනම පන්දු ක්‍රීඩාවට සහභාගී වූ බවට සාධක ඇත. ලීවට, පෙඳවට හා හූවට යන බෝල වර්ග තුනක්‌ පන්දු ක්‍රීඩාව සඳහා භාවිත කොට ඇත. දිය කෙළිය, ඔංචිලි පෑඳීම ආඳී ක්‍රීඩාවන් ගැන ද මූලාශ්‍රවල සදහන් වේ.

උත්සව :-
වෙසක්‌, පොසොන්, ශ්‍රි පාද වන්දනා, දළදා පෙරහැර, කාර්තික පූජාව, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යන මේවා මෙකල පවත්වන ලද උත්සවයන්ය. මේ අතර අලුත් අවුරුදු උත්සවය හැර අනික්‌වා ආගමික උත්සවයන්ය.

අධ්‍යාපන හා අධ්‍යාපන ආයතන :-
අධ්‍යාපනය සඳහා පිරිවෙන් වැනි පොදු අධ්‍යාපන ආයතන හා "ගුරු ගෙදර'' වැනි පෞද්ගලික ස්‌ථාන ද තිබුණි. ප්‍රධාන ඉගැන්වම් ක්‍රමය වූයේ වනපොත් කරවීමය. අකුරු ලිවීම හුරුකිරීම සඳහා "වැලිපිල්ල" නම් ලෑල්ල්ක්‌ මත සියුම් වැලි අතුරා ඇඟිලි තුඩුවලින් ලිවීම උගන්වන ලදි. මුලින්ම වැලිපිල්ලේ
ලියවා පසුව පුස්‌කොළවල පන්හිඳෙන් අකුරු ලියවීම හුරු කරවන ලදි.

දොළොස්‌වන සියවස වන විට රට පුරා පැතිර තිබුණු පිරිවෙන් ප්‍රධාන ආයතන 8 කට අයත් විය. කප්පුර මුල, වාදු මූල, ග්‍රන්ථාකාර මූල, උත්තර මූල, සේනාපති මූල, සරෝගාම මූල, මහනෙත් පාමුල ආදී වශයෙන් හඳුන්වනු ලැබූ මේවා මූලායතන නම් විය. ගිහි - පැවිදි දෙපක්ෂයටම පිරිවෙන් අධ්‍යාපනය ලැබීමට හැකි විය.

මහ පාරකකුම්භා රජු පිරිවෙන් තුන්සිය ගණනක්‌ පිහිටවූ බව සඳහන් ව ඇත. අධ්‍යාපන විෂය මාලාවට විෂයයන් රැසක්‌ අයත් විය. අෂ්ටාදශ ශිල්ප (18ක්‌)හා සූසැට කලා (64 ක්‌)යනුවෙන් මෙම විෂය මාලාව හඳුන්වා ඇත. ශ්‍රැති, වේද, ව්‍යාකරණ, ජන්දස්‌, අලංකර, නකෂත්‍ර, ධනු ශිල්ප, කඩු ශිල්ප, වෛද්‍ය ශිල්පය, වාරි ආදී විෂයයන් ශිල්ප කොටසටත් අර්ථ ශාස්‌ත්‍රය, ලින්ත, ගණිත, තර්ක, මන්ත්‍ර, තන්ත්‍ර, යන්ත්‍ර, ඉතිහාස, පුරාණ ආදිය කලා විෂයයන්ටත් අයත් විය.

අංග සම්පූර්ණ අධ්‍යාපනයක්‌ ලැබිමේ වරප්‍රසාදය ලැබුණේ ප්‍රභූ ජනයාටයත් සාමාන්‍ය ජනයා අතරද ලිවීම - කියවීම දත් අය සිටි බැවින් සාමාන්‍ය ජනයාටද සාමාන්‍ය අධ්‍යාපනයක්‌ ලැබඳීමට පිරිවෙන් හා පන්සිල් මගින් කටයුකු කළ බව සිතිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017