පොළොන්නරු යුගයේ ආගම හා සංස්‌කෘතික බලපෑම
 

අනුරාධපුරය මුල්කොට ගෙන අවුරුදු 1300 ක්‌ පමණ දිගකු කලක්‌ තිස්‌සේ බුදු සසුන උච්චතම අවස්‌ථාව දක්‌වා වර්ධනය විය. 1 වන රාජ රාජ චෝල ක්‍රි. ව. 1017 ඳී අනුරාධපුරය ආක්‍රමණය කොට අනුරාධපුරයේ ශ්‍රි විභූතිය විනාශ කලේය. හෙතෙම විහාරාරාම බිඳ හෙලීය. දාගැබ් විනාශ කළේ ය. ආගමික ස්‌ථාන සතුව තිබුණ රන් පිළිම හා වෙනත් වස්‌තූන්ද කොල්ල කෑවේය. මෙම ව්‍යසනය දරාගත් නොහැකි වූ භික්‌ෂුන් වහන්සේලා රජරට හැරදමා රුහුණට හා මලය රටට පැන ගියහ. පොළොන්නරුව පාලන මධ්‍යස්‌ථානය කරගත් චෝල ප්‍රතිරාජයා වරින් වර රුහුණද ආක්‍රමණය කළ බැවින් බොහෝ භික්‌ෂුන් වහන්සේලා ත්‍රිපිටකය ඇතකුළු ධර්ම ග්‍රන්ථද රැගෙන රාමඤ්ඤ දේශයට හා දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා දේශයට ගියහ.

මේ අයුරින් චෝල පාලන සමය තුළ ලංකාවේ බුද්ධ ශාසනය අතිශයින්ම පරිහානියට පත්වීය. රජරට වෙහෙර විහාර පාලුවට ගියේය. චෝල පාලන සමයේ දකුණු ඉන්දියානු බ්‍රාහ්මණ ජනයා විශාල වශයෙන් මෙරටට සංක්‍රමණය වූහ. ආගමික කටයුතු සඳහා ඔවුන් මෙහි ගෙන්වූවා ද විය හැකියි. ඔවුහු පොළොන්නරුව හා කන්තලේ ප්‍රදේශවල පදිංචි වූ නිසා එම ප්‍රදේශවල බ්‍රාහ්මණ ජනාවාස ඇතිවිය. චෝලයන් ශිව භක්‌තිකයන් වූ බැවින් පාලන කාලය තුළ ශිව ආගම දියුණු විය. අලුතින් ශිව දේවාල කිහිපයක්‌ම ඉදිවිය. පොළොන්නරුවේ අංක 2 ශිව දේවාලය "චන්නම්මා දේව ඊශ්වරම් - කොවිල" ලෙස එහි සෙල් ලිපියක සඳහන් වෙයි.

චන්නම්මා දේවිය 1 වන රාජ රාජ චෝල අධිරාජ්‍යයාගේ අගබිසව වූ අතර රාජේන්ද්‍ර‍ර චෝල ගේ මව විය. මෙම දෙවොල චෝල පාලනයේ මුල් කාලයේ ඉදිකර ඇත. මාතොට (මහාතිත්ථ) ඉදිකරන ලද රාජේශ්වරම් කෝවිලද මේ කාලයට අයත් වේ. මෙම දේවාලවලින් ශිව (ඊශ්වර) දෙවියන්ගේ ප්‍රතිමා රැසක්‌ හමුවී ඇත. ඒවායේ තිබී හමුවූ වෙනත් ප්‍රතිමා අතර විශ්ණු නාථ, රාජා, කාර්තිකේය, පාර්වති, ගංගා යන දෙවි දේවතාවියන්ගේ ප්‍රතිමා ද සම්බන්ධර්, අප්පර් සුන්දර මූර්ති, මානික්‌ක වාසගර් වැනි ශාන්තු වරයින්ගේ ප්‍රතිමාද වේ. මේ සියලු ප්‍රතිමා ලෝහයෙන් නිමවා ඇති අතර ඉන්දියාවේ සිට මෙහි ගෙන ආ බවද සිතිය හැකිය. (පොළොන්නරුව පුරා විද්‍යා කෞතකුකාගාරයේඳී සහ කොළඹ කෞතකුකාගාරයේ මෙම ප්‍රතිමා නැරඹිමට පුළුවන)

චෝල පාලකයන් මුලඳී බුදු සසුන කෙරෙහි ආක්‍රමණශිලි හා විනාශකාර ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළත් පසුව සහනශිලී ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන්නට ඇති බව ඉතිහාසඥයන්ගේ මතයයි. වෙහෙර විහාර කොල්ලකා ඒවා විනාශ කළ පසු නැවත පැහැර ගැනීම සඳහා ධනයක්‌ ඒවායේ නොවීම මහා සංඝයා වහන්සේ රජරට අතහැර යාම, ජනතාව දිනාගැනීම යන කරුණු ඊට බලපෑ මූළික සාධකයන් ය.

රජරට ජනයාගෙන් වැඩි කොටසක්‌ බෞද්ධයන් වූවද, අනුරාධපුර යුගයේ සිට මෙරට සිටි අන්‍යගාමික ජනයා බෞද්ධ ප්‍රතිපත්ති අනුව හැඩගැසී සිංහලයන් සමඟ සාමයෙන් ජීවත්වමත් මෙම වෙනසට බලපෑ වෙනත් හේතු ලෙස දැක්‌විය හැකිය.

ත්‍රිකුණාමලය අසල ඇති වෙල්ගම් වෙහෙර චෝලයන් විසින් පිළිසකර කරවා එයට ගම්බිම් ප්‍රදානය කළ බවද එය රාජ රාජ පෙරුම් පල්ලි යනුවෙන් නම්කළ බවද මූලාශ්‍රවල සඳහන් වේ. මෙහි පල්ලි යන වචනය ආගමික ස්‌ථානය යන අර්ථයෙන් යොදා ඇත. බෞද්ධයන්ගේ සිත් දිනාගැනීම මෙම ක්‍රියාවේ පරමාර්ථය වන්නට ඇත.

ක්‍රි.ව. 1070 සිට පොළොන්නරුවේ 1 වන විජයබාහු රජුගේ පාලනය ආරම්භවේ. එම රජු එතෙක්‌ පැවති හින්දු ආගමික සිද්ධස්‌ථාන කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තියක්‌ අනුගමනය කර ඇත. එම සිද්ධස්‌ථාන බාධා රහිතව පවත්වාගෙන යාමට ඉඩ ලැබුණ අතර අලුතින් ශිව දේවාල ඇති කිරීමටද මේ රජතුමාගේ
අනුග්‍රහය ලැබී ඇත. කන්තලේ "විජයරාජ" ඊශ්වරම් කෝවිල, එසේ ඇරඹුන අලුත් දේවාලයකි.

චෝලයන් යටතේ සිදුවන බුද්ධ ශාසනයේ පිරිහීම කොතෙක්‌ දුයි කිවහොත් විජයබාහු රජවූ පසු එම ප්‍රදේශයෙන් උප සම්පදා වූ‌ හික්‌ෂුන් පනස්‌ නමක්‌ සොයාගැනීමට නොහැකි වූ බව කියවේ. බුරුමයේ අනුරුද්ධ රජුගේ අනුග්‍රහය ලබමින් සිටි මේ රටින් ගිය සිංහල භික්‌ෂුන්ගේ ශිෂ්‍ය පරම්පරාව මෙහි ගෙන්වා උපසම්පදා කර්මය නැවත ඇතිකොට ශාසනික වත් පිළිවෙත් තහවුරු කිරීමට විජයබාහු රජු කටයුතු යෙදීය.
වර්තමානයේ මෙය වටදාගෙය නමින් හැඳින්වෙන දළදා මන්දියක්‌ ඉදිකරවීම එතුමාගේ ශාසනික සේවාවකි. බොහෝ වෙහෙර විහාර ප්‍රතිසංස්‌කරණ කොට භික්‌ෂුන් ඒවායේ පදිංචි කරවීය. මේ අනුව පොළොන්නරුව නැවත බෞද්ධලෝකයෙන් බැබළවීමට විජයබාහු රජතකුමා කටයුතු කළේය. අගනුවර වාසය කළ භික්‌ෂුන්ට දාන මානාදී සිව්පසය නිරන්තරයෙන් ලැබීම සඳහා ඇළහැර ජනපදය එහි වැසියන්ද සමඟ සඟසතකු කොට පූජා කළේය.

රුහුණු ප්‍රදේශයේ වෙහෙර විහාර ප්‍රතිසංස්‌කරණය කිරමට විජයබාහු රජු විශේෂ උනන්දුවක්‌ දක්‌වා ඇත. ඔහු තමාගේ දෙමාපියන් ආදාහනය කළ තැන්වල විහාරාරාම ඉදි කළේය. මාගම තිබුණු වෙහෙර විහාරද ප්‍රතිසංස්‌කරණය කරවීය. දෙවිනුවර, උරුවෙල විහාරය ඉදිකරවීය. මහිංගණ චෛත්‍ය විශාල කර නැවත බැන්දවූයේය. ශ්‍රි පාදස්‌ථානයේ නඩත්තකුව සඳහා ගිලීමලේ නැමැති ගම පූජා කළේය.

මීට පෙර කියන ලද ත්‍රිකුණාමලය අසල වූ වෙල්ගම් වෙහෙර ඇතකුළුව ගිරිකණ්‌ඩ විහාරය, කුරුන්දි විහාරය සහ අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ බෝධි ඝරයද පිළිසකර කරවීය.

විජයබාහු රජුගේ අප්‍රතිහල ධෛර්යය මත ඔහුගේ රාජ්‍ය පාලන කාලය තුලදීම පොළොන්නරුවේ ආගමික තත්ත්වය අනුරාධපුර යුගයේ පැවති තත්ත්වයට ගෙන ඒමට හැකිවිය. භික්‌ෂූ අධ්‍යාපනය දියුණු විය. ධර්මධර විනයධර භික්‌ෂු පරපුරක්‌ බිහිවිය. මෙම භික්‌ෂු පරපුර මහජනයා අතර අතිශයින්ම
සම්භාවනීය තත්ත්වයකට පත්විය.

විජයබාහු රජුගේ පුත් වික්‍රමබාහු රජුගේ කාලයේ පොළොන්නරුවේ ආගමික සංවර්ධනය කඩා වැටුණි. රාජ පද ප්‍රාප්තිය පිළිබඳව ඇති වූ ප්‍රශ්නය නිසා ඔහු මහා සංඝයා කෙරෙහි උරණ විය. මහා සංඝයා වහන්සේට හිරිහැර වන අයුරින් කටයුතු කළ නිසා භික්‌ෂුන් වහන්සේලා රුහුණට පලා ගිය බවද කිය වේ. එසේ වුවද මෙම රජුගේ බිසව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුග්‍රහ දක්‌වා ඇති බව එහි ඇති සෙල් ලිපියක සඳහන් වේ.

මහා විජයබාහු රජුට පසුව 40 වසරක්‌ පමණ වූ දේශපාලන අරගල සමය තුළ ත්‍රෙනිකායික සංඝයා වහන්සේලා භේද භින්න ව සිටි බව පෙනේ.

මහා පරාක්‍රමබාහු ක්‍රි. ව. 1153 දී පොළොන්නරුවේ රජ වන විට දළදා වහන්සේ තිබුණේ රුහුණේ සුගලා දේවිය භාරයේය. දිගු සටනකින් පසු එය තමා වෙත ලබා ගැනීමටත් පාරම්පරිකව දළදාවේ භාරකාරත්වය ඉසිලු අභයගිරි නිකායික පරපුරේ භික්‌ෂුන් තමන්ට අවතන කරවා ගැනීමටත් පරාක්‍රමබාහු රජුට හැකි විය.

පරාක්‍රමබාහු රජ වන විට භික්‌ෂුන් වහන්සේලා තම තමන්ගේ පවුල් පෝෂණය කරමින් සිටි බව වංශ කතාවේ සඳහන් වේ. මෙසේ පරිහානියට පත්ව තිබූ භික්‌ෂූ සමාජය නැවත යථා තත්ත්වයට ගෙන ඒම සඳහා, දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වාසය කළ ධර්මධර - චියනධර භික්‌ෂුන් වහන්සේ නමක්‌ වූ මහා කාශ්‍යප තෙරුන් වහන්සේ පැවැත්වූ මේ ධර්මාධිකරණ මණ්‌ඩලයක්‌ ඉදිරියට රුහුණ - මායා - පිහිටි යන ත්‍රිසිංහලයේම වාසය කළ තුන් නිකායටම අයත් භික්‌ෂුන් කැඳවන ලඳී. ක්‍රි. ව. 1165 වර්ෂයේ පැවැත් වූ මේ ධර්මාධිකරණ පරීක්‍ෂණ මණ්‌ඩලය මගින් සියලුම භික්‌ෂුන් පරීක්‌ෂාවට ලක්කොට එහිදී හඳුනා ගත් දුසිල් මහනුන් සිවුරු හරවා ඔවුන් අතුරින් සුදුසුකම් ඇති අයට රජයේ තනතරු පවා පිරිනැමූ බව මූලාශ්‍රවල දැක්‌වේ. මෙහිදී බොහෝ භික්‌ෂුන් සාමනේර තත්ත්වය පහත හෙළන ලදි. මෙම ශාසන ශෝධනයෙන් පසුව එක්‌සත් වූ ත්‍රෙනිකායික භික්‌ෂුන් සඳහා නවතම විනය ව්‍යවස්‌ථා මාලාවක්‌ (පොළොන්නරු කතිකාවත) සකස්‌ කළේය. ඉන්පසු වසරක්‌ පාසා උපසම්පදා කර්මය පවත්සා සංඝ සමාජය විධිමත් කොට ස්‌ථාවර කිරමට පරාක්‍රමබාහු රජුට හැකි විය. රජුගේ මෙම කාර්ය "මහමෙර ඔසවන තරම්" බැරෑරුම් කටයුත්තක්‌ වූ බව වංශකතා කරු සඳහන් කර ඇත. මෙම ශාසන කාර්යයෙන් පසුව මහා පරාක්‍රමබාහු රජු විසින් දිඹුලාගෙන මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යයා වූ සාරිපුත්ත හිමියන්ට පොළොන්නරුවේ "මහාසාමි" (සංඝනායක) පදවිය පිරිනමන ලඳී.

පොළොන්නරු නගරයේ වාසය කළ සංඝනායක හිමි සහ අනෙක්‌ සංඝයා වහන්සේ සඳහා භෝජන ශාලා, ගිනිහල් ගෙවල්, සක්‌මන් මළු, නාන පුකකුණු, වැසිකිලි හා කැසිකිලි ආඳී වශයෙන් ගොඩනැගිලි රාශියක්‌ ද ඉදිකර දීමට රජතුමා කටයුතු කළේය.

ආලාහණ පිරිවෙන් සංකීර්ණය හා උත්තරාරාම විහාරය මහා පරාක්‍රමබාහු රජුගේ විශිෂ්ඨ නිර්මාණයන්ය. ඔහු ගල් විහාර භූමියේ රියන් 1300 ක්‌ වට ප්‍රමාණය ඇති මහා සෑයක්‌ද කරවය. ගල් පර්වතයේ විද්‍යාධාර ලෙන, හිඳි පිළිම ලෙන හා ඔත් පිළිම ලෙන යනුවෙන් ලෙන් තකුනක්‌ තනවා ඒවායේ අලංකාර බුදු
පිළිමද නිර්මාණයන්ද කරවන ලඳී. පොළොන්නරු නගරය වටා ඉසිපතන, කකුසිනාරා, වේළුවන, කපිල යන විහාරාරාම ඉදිකරවීය.

අනුරාධපුරයේ රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනය, මිරිසවැටිය, යන චෛත්‍යයන් ප්‍රතිස්‌සංකරණය කරවූ පරාක්‍රමබාහු රජතකුහා ගල්ටැම් 1600ක්‌ පිහිටුවා ලෝවාමහාපාය නැවත ඉදිකරවය. මිහින්තලේ ප්‍රදේශයේ ස්‌ථුප 64 ක්‌ හා අනුරාධපුරයේ සියලු විහාරාරාම ප්‍රතිසංස්‌කරණය කරවය.

මෙසේ ඇති වූ ශාසනික ප්‍රබෝධය ධර්ම ශාස්‌ත්‍රවිෂයෙහිද මහත් වූ උද්දීපනයක්‌ ඇති කළේ ය. එකල විදේශවලින් පැමිණි භික්‌ෂුන් පොළොන්නරුවේ කලක්‌ නැවතී සිට ථේරවාදී ධර්ම ශ්‍රස්‌ත්‍ර හා වත්
පිළිවෙත් පුරුදු පුහුණු ව ආපසු තම රටවලට ගොස්‌ එම රටවල ලාංකික ශාසන සම්ප්‍රදාය පිහිටවූහ.

බුරුම රටින් පැමිණි පන්ථගකු, උත්තරජීව හා ඡප්පට යන හිමිවරුන් මේ සඳහා නිදසුන් වේ. නිශ්ශංකමල්ල රජුද බුද්ධ ශාසනයේ දියුණුවට සේවාවන් රැසක්‌ කළ බැවින් පරාක්‍රමබාහු යුගයේ ඇති වූ ශාසනික දියුණුව නොනැවතී ඉදිරියටම ගලා ගියේය. පොළොන්නරුවේ රන්කොත් වෙහෙර ඉදිකිරීම ඒ අවට ආගමික ගොඩනැගිලි රැසක්‌ ඉදිකිරිම හැටදාගෙය හා සත් මහල් ප්‍රාසාදය ඉදිකිරම ආදී වූ ආගමික සේවාවන් රැසක්‌ම එතුමාගෙන් සිදුවිය.

නිශ්ශංකමල්ල රජුට පසුව කාලිංග මාඝ ආක්‍රමණය දක්‌වා වූ කාලය දේශපාලන වියවුල් වලින් පිරී ගිය යුගයක්‌ වීය. රාජ්‍ය අනුග්‍රහය නොලැබීම නිසා ශාසන සංවර්ධනයක්‌ද සිදු නොවීය. කල්‍යාණවතී හා ලීලාවතී වැනි බිසෝවුන් විසින් ඉඳහිට කරන ලද ශාසනික අනුග්‍රහයන් කීපයක්‌ ගැන මූලාශ්‍රවල සඳහන්ව ඇත.

ක්‍රි. ව. 1215 කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසු පොළොන්නරුවේ රාජ්‍ය යන්ත්‍රණය, ආර්ථික, සමාජ සංවිධානය සමඟ බෞද්ධ ශාසනික පසුබිමද මුළුමනින්ම බිඳ වැටුණි.

(c) Shilpa Sayura Foundation 2006-2017