පාණ්ඩ්‍ය දේශයේ යුදයට මැදිහත් වීම ක්‍රි.ව. 1167-1183
 

චොල අධිරාජ්‍යයේ බලය ක්‍රි.ව 1167 වනවිට දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශයෙන් ගිලිහෙමින් තිබිණි. එකල්හි පරාක්‍රම පාණ්ඩ්‍ය නම් පාලකයා චෝල රජුන් හා තමනට එදිරි කුලසේකර පාණ්ඩ්‍ය සමග සටන් වදින්නට පරාක්‍රමබාහු රජුගෙන් උදව් ඉල්ලීය. ඒ වනවිට පාණ්ඩ්‍ය දේශය සමග පොළොන්නරු සඹඳතාද සවිමත් වීය.

පරාක්‍රමබාහු රජුගේ සෙනවියකු වූ ලංකාපුර පාණ්ඩ්‍ය නාඩු නගරයට යන අතරදී, කුලසේකර පාණ්ඩ්‍ය, පාණ්ඩ්‍ය අගනුවර වූ මදුරා නගරය අල්ලාගන, පරාක්‍රම පාණ්ඩ්‍යගේ බිරිඳ හා දරුවන් මරා තිබිණි. එහෙත් පරාක්‍රම පාණ්ඩ්‍යගේ වැඩිමහල් පුත් විරූපාණ්ඩු ගැලවී ගති. ලංකාපුර සෙනවියා මදුරා ගමන අතහැර රාමන්තපුරම් ආසන්නයේ ගොඩ බැස රාමේෂ්වරම් නගරය අල්ලා ගත්තේය. එය ඊ ලඟ වසර 30 දී ශ්‍රී ලංකාවේ පාළනයට යටත් වීය.

එහි පරාක්‍රමපුර නමින් බලකොටුවක් ද තැනිණි. පසුව අවස්ථා ගණනකදී කුලසේකර පාණ්ඩ්‍ය සමග කල සටන් වලින් ඔහු පරදවා මේ මදුරා පුරය අල්ලාගන වීරපාණ්ඩුගේ බලය තහවුරු කරන ලදි. ලංකාපුර සෙනවියා දිගටම මදුරාවේ සිටිමින් පාණ්ඩ්‍ය දේශය වෙනුවෙන් චෝල රජුන් සමග සටන් කළේය. මේ කාළයේදී ලංකාපුර සෙනවියා චෝල රජුන්ට එරෙහිව කල යුධ ගණනාවකින් ජය ලැබීය.




පල්ලවරයන්පෙටි ලිපි වලට පරිදි ලංකාපුර 1171 දී චෝල එවකට අධිරාජ්‍යයා වූ රාජාධිරාජ විසින් පරාජය කර මදුරාවේ ගේට්ටුවට තබා ඔහුගේ හිස ඇණ ගැසූ බව මූලාශ්‍ර කියයි. 1181 දී 3 වන වීරපාණ්ඩු රජු, 2 වන රාජාධිරාජට පරාජය වූ විට ලංකාවේ හමුදා පාණ්ඩ්‍ය නාඩුවෙන් රාමේෂ්වරම්ට පසුබැස එහි සිටියෝය.

(c) Shilpa Sayura Foundation 2006-2017