පොළොන්නරු යුගයේ රාජ්‍ය පාලන විධි
 

අනුරාධපුර යුගයේ ලංකාවේ පැවැති විධිමත් පාලන තන්ත්‍රය නැවත ගොඩනැගීම සඳහා මහා විජයබාහු රජතුමා බොහෝ සෙයින් උත්සහාකොට ඇති බව වංශකතාවේ සඳහන්ය.

අනුරාධපුර රජවරුන් අනුගමනය කරමින් "සිරිසඟබෝ" යන විරුද නාමය භාවිත කළ විජයබාහු රජු "චක්‍රවර්ති" යන විරුද නාමය ද ඉතිහාසයේ පළමු වතාවට භාවිත කොට ඇත. ඔහු අනුගමනය කළ පසුකාලීන රජවරුද චක්‍රවර්ති නාමය භාවිත කිරීම දක්‌නට ඇත. වංශ කතාවෙහි සෙල්ලිපි කීපයකද
විජයබාහු රජු "චක්‍රවර්ති" යන නමින් හඳුන්වා ඇත.

පෙර සිරිතට අනුව මෙකලද රාජාභිෂේකය ලැබීම සඳහා සම කුල බිසවක්‌ අගමෙහෙසිය ලෙස සිටිය යුතුය යන්න පිළිගැනීම විය.

අනුරාධපුර යුගයේ අවසාන කාලයේ පැවති පරිපාලන සංවිධානය අනුව නිලධාරන් පත් කිරීමටද විජයබාහු රජු උත්සුක විය. ඒ අනුව තම වැඩිමහල් සොයුරු වරබාහුට උපරාජ (මාපා) පදවිය සමඟ දක්‌ඛිණ දේශයේ පාලනය භාර දුන්නේය. බාල සොයුරු ජයබාහුට ආදිපාද (ඈපා) තනකුර සමඟ රුහුණේ පාලනය ද භාර කළේ ය. වරබාහුගේ අකල් මරණයෙන් පසදු රුහූණේ සිටි ජයබාහුට මාපා තනතකුර දී දක්‌ඛිණ දේශය භාර කළ අතර තම පුත්‍රයා වූ වික්‍රමබාහු කකුමරුට ඈපා තනතුර දී රුහුණ භාර කළේ ය. මෙම තනතකුරු පිරිනැමීම අනුව රජුගේ වැඩිමහලු සොයුරාට මාපා තනතුර හා බාල සොයුරුට ඈපා තනතකුර බාර වීම සහ සොයුරන් නැතිවිට පුත්‍රයාට එම තනතුර ලැබීමත් යන චිරාගත සම්ප්‍රදාය මෙකලද පැවති බව නිගමනය කළ හැකිය.

මෙම පූර්ව චාරිත්‍රය උල්ලංඝනය කළ අවස්‌ථාවද විය. රුහුණේ ආදිපාද වු වික්‍රමබාහට දක්‌ඛිණ දේශයේ මාපා තනතකුර නොදී මිත්තා කුමාරියගේ පුත්‍රයා වූ මානාභරණට එම තනතකුර පැවරූ හෙයින් රාජ්‍ය තන්ත්‍රය පුරාම අවුලකට හේතුවූ අතර වික්‍රමබාහු රජු යටතේ රජරට බුදු සසුන පරිහානියට පත්වමට ද මේ චිරාගත සම්ප්‍රදාය කඩ කිරීම හේතු විය.

රජු, මාපා, ඈපා යන තනතකුරු ප්‍රදානය කිරමට ප්‍රභූවරු හා මහා සංඝයා වහන්සේලාගෙන් යුක්‌ත මණ්‌ඩලයක්‌ පැවති බවත් මෙම මණ්‌ඩලය විසින් වුවද සම්ප්‍රදාය කඩකල විට ඊට විරෝධය පෑමට අයිතිවාසිම් අහිමිවූ අයට අයිතියක්‌ තිබුණ බවත් මහජනතාවගේ සහාය ඔවුන්ට ලැබුණ බවත් මේ අනුව පැහැදිලි වේ.

රජකම පැහැරගත් පුද්ගලයන් නිත්‍යානුකූල රජවරුන් ලෙස පිළිනොගත් බැවින් ඔවුන් අශිෂේක කිරීමක්‌ සිදු නොවිණි. වංශකතා කරු මෙවැනි රජවරු "ගාමභෝජක" (ගම්පති) යන්ට සමානකර ඇත. අභිෂේක නොලබා රජකම් කිරීම එකල ජන සමාජය විසින් සලකන ලද්දේ රාජ්‍යත්වයට කරන අවමානයක්‌ ලෙසිනි.

රාජ්‍ය උරුමය මව් පාර්ශවයට හිමිවිමේ පාණ්‌ඩය සම්ප්‍රදාය මෙහි ක්‍රියාත්මක කිරමට මිත්තා කුමරිය ගත් උත්සාහය නිසා පසු කාලයේ කාලිංග වංශිකයන්ට මෙරට රජකම හිමිවිය. එහි අවසානයේ පොළොන්නරුව කාලිංග මාඝ විසින් විනාශ කෙරුණි.

මහා පරාක්‍රමබාහු දිවයිනේ අගරජු විමෙන් පසු දක්‌ඛිණ දේශයට හා රුහුණට වෙනම පාලකයන් පත් කිරීමක්‌ නොකළේය. එම ප්‍රදේශද මහරජ යටතේ පාලනය විය. සුගලා බිසවගෙන් පසු "රුහුණ" අධිකාරිභූත සෙනෙවියාගේ අධීක්‌ෂණය යටතේ පැවිතුණා මිස එයට "ඈපා" වරයෙකු පත් කිරීමට පරාක්‍රමබාහු රජු පියවර ගත්තේ නැත.

උපරාජ පදවිය අභාවයට ගොස්‌ යුවරාජ පදවිය භාවිතයට පැමිණීමද පොළොන්නරු යුගයේඳී සිදුවූ වෙනසකි.

"රජු දෙවියෙකි" යන සංකල්පය මේ යුගයේ ඉස්‌මතු විය. දිගු කලක සිට ඉන්දියාවේ පැවැති මෙම අදහස ථේරවාඳී බුදුදහම පැවති ලංකාව තුළ පිළිගැනීමට ලක්‌ නොවීය. සංස්‌කෘත සාහිත්‍යයේ බලපෑම, කාලිංග හා පාණ්‌ඩ්‍ය රජ පවුල් සමඟ ලංකාවේ රජවරු සම්බන්ධතා ඇතිකර ගැනීම රජු දෙවියෙක්‌ කොට සැලකීමේ සංකල්පය නැගී ඒමට බලපාන්නට ඇත.

"රජදරුවන් මනුෂ්‍ය රූපයෙන් සිටියද නර දේවතා දෙවියන් සේ දැකිය යුතුය". යනුවෙන් නිශ්ශංක මල්ල රජු ගල්පොත ලිවියේ ලියවා ඇත.

රජකම දැරීම සඳහා පාරිශූද්ධ රාජ වංශිකයෙකු වීම සහ අනීවාර්යවයයෙන්ම බෞද්ධයෙකු වීම අවශ්‍ය විය. "රජු ධාරිමික විය යුතුය" යන සංකල්පයද මුල් බැසගෙන තිබුණි.

වංශ කථාවෙහි හා බෞද්ධ සාහිත්‍යයෙහි අධාර්මික රජවරුන් නිසා රට විනාශයට පත්වන බව නිතර සඳහන් කර තිබීමෙන් එය පැහැදිලි වේ.

රජකමට පත්වන පුද්ගලයා ශිල්ප ශාස්‌ත්‍ර මනාලෙස ප්‍රගකුණකළ අයෙකකු විය යුතකු විය. විජයබාහු, පරාක්‍රමබාහු හා නිශ්ශංකමල්ල යන රජවරු තිදෙනාම මේ සුදුසුකම සපුරාගත් රජවරුන්ය.

බෞද්ධ ප්‍රතිපදාවට අනුව රජු දානය, ප්‍රියවචනය, අර්ථචර්යාව හා සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්‌තකු අනුගමනය කළ යුතකු විය. ඊට අනුකූලව දන්දීම, ආර්ථික සංවර්ධනය, එකම ධර්ම ශාලාවක සාමාන්‍ය ජනයා සමඟ බිම වාඩිව ධර්මය ශ්‍රවණය කිරීම, රට වැසියා සමඟ කුඹුරට බැස සී සෑම ආදී කටයුතු එකල රජවරු ක්‍රියාවට නැංවූහ.

සුරාපානය, දු කෙළිය, මුසාවාදය, දුරාචාරය, ප්‍රණාඝාතය ආඳී දුර්ගුණවලින් රජු මිදිය යුතු අතර ජනතාවද ඒවායින් ගලවා ගැනීම සඳහා කටයුතු කළ යුතු විය.

රාජ්‍ය පාලනයේඳී රජුට තොරතකුරු සැපයීම සඳහා චර පුරුෂ සේවයක්‌ විය. යුද්ධ හමුදාව මෙහෙවීමේදී රජු ප්‍රධාන වුවත් පොළොන්නරු යුගයේ හමුදා මෙහෙයුම් කටයුත වලදී සෙනෙවිවරුන්ට ද වැදගත් තැනක්‌ ලැබුණි. රජු වෙනුවෙන් සෙනෙවිවරු විදේශාක්‍රමණවල පවා යෙදුණහ. මහා පරාක්‍රමබාහු රජු යටතේ බුරුමය ආක්‍රමණය කළ කිත්නුවරගල් සෙනෙවියා ඉන් එක්‌ අයෙකි.

රජුගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා පරිවාර සේනාවක්‌ විය. මේ පිරිස තෝරා ගන්නා ලද්දේ රජුගේ ළඟම නෑයින්ගෙනි. එසේ වුවද 1 වන විජයබාහු හා මහා පරාක්‍රමබාහු යන රජවරුන්ට දකුණු ඉන්දියානු හමුදා භටයින්ගෙන් යුත් වේලයික්‌කාර හමුදාවකින් පෞද්ගලික ආරක්ෂා සැළසුන බව මූලාශ්‍රවලින්
පැහැදිලි වේ. මොවුන් නිසා රජුට අවාසි සිදුවූ අවස්‌ථාද විය. චෝල විරෝධී සටන් වලඳී ඔවුන් රජුට විරුද්ධව නැගී සිටීම සිදුවුනි.

(c) Shilpa Sayura Foundation 2006-2017