රාමඤ්ඤ දේශය සමඟ සබඳතා (මියන්මාරය)

 

රාමඤ්ඤ දේශය (පහළ බුරුමය හෙවත් අද මියන්මාරය) සමඟ සබඳතා මහා විජයබාහු රජු රාමඤ්ඤ දේශයෙන් භික්‌ෂූන් මෙහි ගෙන්වාගෙන මහවැලි ගංගාවේ දාස්‌ තොටේදී මහා උපසම්පදා කර්ම උත්සවයක්‌ පවත්වා බුදු සසුනේ පැවැත්ම තහවුරු කළ බව වංශකතාවේ සඳහන් වේ. ලංකාව බුරුමය යන දෙරටම බෞද්ධ රටවල් වූ නිසා ඈත අතීතයේ සිටම දෙරට අතර සංස්‌කෘතික හා වෙළඳ සබඳතා පැවැතකුණි.

මහා පරාක්‍රමබාහු කාලයේ මෙම මිත්‍රත්වය පලුදු විය. එවකට බුරුමයේ පාලකයා වූ භූවනාදිත්‍ය අලෞසිතකු රජතුමා විසින් මේ මිතරුකම කඩාබිඳ දැමීය. එතෙක්‌ පැවති චාරිත්‍රය වූයේ ලංකාවෙන් බුරුමයට ගිය සෑම වෙළෙඳ නැවකටම බුරුම රජු එක්‌ ඇතෙකු බැගින් ත්‍යාග කිරමයි. අලෞසිතකු රජු මෙම දීමනාව තහනම් කළේය. බුරුම ඇතුන්ගේ මිලද තෙගුණ කළේ ය. එපමණක්‌ නොව ලංකාවෙන් ගිය දුත පිරිස්‌වලට ආකාරුණික ලෙස සැලකුවේය. එක්‌ සිංහල නැව් කණ්‌ඩායමක නැව් හා ඇතුන්ද රාජ සන්තක කොට වෙළෙඳ පිරිස අත් අඩංගකුවටගෙන හිල් වූ නැවක දමා ආපසු එවීය.

කාම්බෝජය බලා යමින් සිටි සිංහල කකුමාරියක්‌ ද අලෞසිතකු රජු විසින් පැහැර ගන්නා ලඳී. බුරුම රජුගේ මේ ක්‍රියා දිගටම සිදු වූ නිසා මහා පරාක්‍රමබාහු රජු බුරුමය ආක්‍රමණය කිරමට තීරණය කළේය.

ඒ අනුව කීර්ති නගරගරි (කිත් නුවරගල්) හා දමිල අධිකාරි ආදිත්‍ය යන සෙනවි වරුන් යටතේ යුද්ධ හමුදාවක්‌ යවා රාමඤ්ඤ දේශය ආක්‍රමණය කරවය. මෙම ආක්‍රමණිකයන් විසින් එරට මහත් විනාශයක්‌ සිදුකළ බවත් සිංහලයන්ට මුලින් ලැබුණ වරප්‍රසාද නැවත ලබාඳීමට අලෞසිතකු රජු එකඟ වූ බවත් මූලාශ්‍රවලින් පැහැදිලි වේ. දෙරටේ සංඝ නායකයින් සමග ඇතිවූ එකඟතාවයෙන් පරාක්‍රමභාහු රජතුමා සහ අලෞසිතකු සාමදාන වීය.

පැරකුම්බා රජුගේ 12 වන රාජ්‍ය වර්ෂයේ කරවන ලද කෑගලු දිස්‌ත්‍රික්‌කයේ දෙවනගල පර්වත ලිපියෙහි කිත්නුවරගල් සෙනෙවියාග් දක්‌ෂතාවට උපහාරයක්‌ ලෙස ප්‍රදානය කරන ලද ගම්වරයක්‌ ගැන සඳහන් ව ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017