පොළොන්නරු යුගයේ විදේශ වෙළෙදාම
 

විදේශ වෙළඳාම :-
1 වන විජයබාහු රජතකුමා ලංකාවේ දකකුණු බටහිර වෙරළේ පිහිටි වරායන් මගින් බුරුමය හා ශ්‍රි විජය රාජ්‍යය (මැලේසියාව) සමඟ වෙළඳ සබඳතා පවත්වා ගත් බව මූලාශ්‍රවලින් පැහැදිලි වේ. මහා පරාක්‍රබාහු රජු දක්‌ඛිණ දේශයේ පාලකයා ලෙස කටයුතකු කරද්ඳී බටහිර වෙරළේ වරායන් දියුණු කළේ ය. ඒ අනුව එම වරායන් සමඟ කරන ලද විදේශ වෙළඳාමද පුළුල් විය. මේ කාලයේ බුරුම - චීන හා අරාබි වෙළෙන්දන් ලංකාව සමඟ වෙළෙඳ කටයුතු කළහ. මිසර - චීන - අරාබ් කාසි පොළොන්නරු සහ ලංකාවේ විවිධ ස්‌ථානවලින් හමු ව ඇති බැවින් එම රටවල් හා ලංකාව අතර වෙළෙඳාම ඉතා දියුණු පැවති බව නිගමනය කළ හැකිය.

පටපිළි, පිගන්, මිදි යුෂ, සුවඳ විලවුන්,අශ්වයින්, ඉඳි ආදී ප්‍රභූ ජනයාගේ භාව්තය සඳහා ගත් භාණ්‌ඩ පිටරටවලින් ලංකාවට ආනයනය කර ඇත. මුතකු, මැණික්‌, ඇත්දත්, ඇතුන්, කුරුඳු, ගම්මිරිස්‌, පුවක්‌ ආඳී භාණ්‌ඩ පිටරටවලට යවන ලඳී. රාමඤ්ඤ දේශයෙන් උත්සව සඳහා ඇතුන් ගෙන්වූ බව වංශ කතාවෙහි සඳහන් වේ. ඉන්දියාව සමඟ ද වෙළඳ ගනුදෙනු විශාල වශයෙන් සිදුවිය. ලංකාවේ උතුරු දිග පිහිටි මාංතොට, ඌරාතොට යන වරායන් වෙත මහා පරාක්‍රමබාහු රජුගේ කාලයේ විදේශ වෙළඳ නැව් පැමිණි බැව නයිනතිව් දුපතේ ඇති දෙමළ සෙල් ලිපිය කියයි.

පුත්තලම, හලාවත, මීගමුව, කළුතර, බේරුවල, ගාල්ල, මාතර යන වරායන්ද කොළොම්තොට හා දෙවුන්දර යන වරායන් ද ක්‍රි. ව. 10 වන සියවසෙන් පසු විදේශ වෙළෙඳාමට සහභාගී විය.

භාණ්‌ඩ ආනයනය හා අපනයනය කිරමේදී වරායන්වලින් බදු අය කෙරිණි. එය රාජ්‍ය ආදායම් මාර්ග අතර වැදගත් ස්‌ථානයක්‌ ලබාගත් බවද පෙනී යයි.

විදේශ වෙළෙඳාමට හා යුද්ධ කාර්ය සඳහා අවශ්‍ය විශාල නැව් මෙරටය වරායන්වලඳී නිපදවා ඇත. මහා පරාක්‍රමබාහු රජුගේ කාලයේ මෙහි නිපදවූ විශාල නැව් ගැන මූලාශ්‍රවල සඳහන් ව ඇත. එතුමාට විශාල නැව් හමුදාවක් තිබුණු බවද සඳහන්ය.

(c) Shilpa Sayura Foundation 2006-2017