පැරණි ශ්‍රි ලංකාවේ ගම් ස්‌වයංපෝෂිත ඒකක ලෙස පැවැති නිසා අභ්‍යන්තර වෙළෙදාම ඉතා පුළුල් මට්‌ටමින් නොකෙරිණි. ලුණු ආඳී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මුහුදුබඩ ප්‍රදේශවලින් රට තුළට ගෙනවුත් බෙදාහරින ලද්දේ වෙළෙඳුන් විසිනි. සීමිත ප්‍රදේශයක වගා කළ ඉඟරු වැනි කුළුබඩු වර්ග හා එසේ නිපදවූ රෙදිපිළි, ආභරණ ආදිය රට පුරා බෙහා හැරමේදී වෙළෙදුන්ගෙන් සෑහෙන කාර්යයක් ඉටුවිය.
මුදලට හෝ ද්‍රව්‍යවලට මේ භාණ්‌ඩ හුවමාරු විය. කත් කාරයන් හා පොට්‌ටනි කාරයන් මගින් වෙළඳාම වැඩිපුර කෙරිණි. වැඩිදුරක් භාණ්‌ඩ ප්‍රවාහනය සඳහා තවලම යොදාගත් අතර ගොන් කරත්තද ඒ සඳහා භාවිත විය.
ප්‍රභූ ජනයා සඳහා විදේශවලින් ගෙන ආ වටිනා රෙදිපිළි, සුවඳ විලවුන් නගර දක්‌වා ගෙන ඒම සහ විදේශවලට යැවූ කුළුබඩු, පුවක්. ඇත්දත්, මැණික්, ඇතුන් ආදී දේ රට තුළින් රැස්‌කොට මහාතිත්ථ, කොළොම්පුර, ගෝකණ්න ආදී වරායන් දක්‌වා ගෙය යාමත් වෙළෙන්දන් මගින් සිදුවිය.
නගර තුළ වෙළෙදාම සරුවට සිදුවිය. පොළොන්නරු නගරයේ සමහර වීථි වෙළඳසැල් (සල්පිල්) සඳහා වෙන් කර තිබුණු බව වංශ කතාවේ දුක්‌වේ. මාතොට, මාගම, ත්‍රිකුණාමළය යන ස්‌ථානවල සිට පොළොන්නරුව දක්‌වා ප්‍රධාන මාර්ග පොළොන්නරුවට සම්බන්ධ ව තිබුණි. ඒ හැර ගැල්
මාර්ග රට පුරා විහිඳී තිබුණි.
පිට ප්‍රදේශවල සිට නගරවලට භාණ්‌ඩ ගෙන ඒමේඳී බදු අය කළ ස්‌ථාන මඩිග (මඩිගේ) යනුවෙන් හඳුන්වා ඇත.
වෙළෙඳාම සඳහා භාවිතා කළ මුදල් "කහවනු" සහ "මසු" යනුවෙන් හඳුන්වා ඇත. මහා පරාක්‍රමබාහු, නිශ්ශංක මල්ල, ලීලාවතී. සහාසමල්ල යන පාලකයන්ගේ නම් සඳහන් කාසි පොළොන්නරුවෙන් හමුවී ඇත. මේ කාසි සෑඳීම සඳහා භාවිතා කළ අච්චු කීපයක් දැනට පොළොන්නරුව කෞතුකාගාරයෙහි ඇත.