පොළොන්නරු යුගයේ වාරි හා අනෙකුත් කර්මාන්ත
 

1 වන විජයබාහු රජතකුමා පොළාන්නරුව පාලන මධ්‍යස්‌ථානය බවට පත්කර ගැනීමෙන් පසු කෘෂිකාර්මාන්තයේ දියුණුවට විශාල රාජ අනුග්‍රහයක්‌ දැක්‌වීය. ඒ වන විට චෝල පාලනය නිසා විනාශ ව ගොස්‌ තිබුණ සියලුම වැව් හා වාරිමාර්ග ප්‍රතිසංස්‌කරණය කළ විජයබාහු රජතුමාට අලුතින් වාරි කර්මාන්ත ආරම්භ කිරිමට අවධානය යොමු කළ හැකි වූයේ අල්ප වශයෙනි.

විජයබාහු රජුගෙන් පසුව ඇතිවූ දේශපාලන අස්‌ථාවරත්නය නිසා රජරට වාරි කර්මාන්ත නැවත පරිහානියට පත්විය.

මහා පරාක්‍රමබාහු රජු දක්‌ඛිණ දේශයේ රජ වමෙන් පසුව කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සඳහා දුඩි වෙහෙසක්‌ ගෙන කටයුතු කළේ ය. එතුමාගේ කෘෂිකාරිමික කටයුතු අදියර 2 ක්‌ යටතේ සාකච්ඡා කිරම වඩාත් උචිතය.

1. ක්‍රි.ව. 1140 - 1153 අතර කාලයේ දක්‌න්ණ දේශය කළ කටයුතු.
2. ක්‍රි.ව. 1153 - 1186 මුළු දිවයිනේම අගරජු ලෙස ඉටු කළ කාර්යයන්

දක්‌ඛිණ දේශයේ ආර්ථික සංවර්ධනය සඳහා මහා පරාක්‍රමබාහු රජතකුමා අනුගමනය කළ ක්‍රියා කලාපය වංශ කතාවේ මෙසේ දක්‌වා ඇත. "මා අයත් රාජ්‍යයෙහි අහස්‌ දියෙන් නිපදවන නොයෙක්‌ කෙත් බිම් හැර නදීන් හා මහවැව් නිසා පවතින කෙත් ස්‌වල්පය. මෙබඳු දේශයක වැස්‌සෙන් ලැබනෙ ජලය මඳකුත් ලෝකෝපකාරයෙන් තොරව කිසි කාලෙකත් මුහුදට නොයේවා". එතුමා මහත් අධිෂ්ඨාන කොට හැම වැසි බිඳකින්ම ප්‍රයෝජන ගැනීමට කටයුතු කළේ ය.

ඒ අනුව දක්‌ඛිණ දේශය හරහා ගලා ගිය දැදුරුඔය ස්‌ථාන තුනකඳී හරස්‌ කොට අමුණු බඳවා කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපාර තුනක්‌ ආරම්භ කළේ ය.

1. ගකොට්‌ඨ බද්ද අමුණ :- වර්තමාන රතඹලා ඔය හා දුදුරුඔය අතර දෙගංමැදි ප්‍රදේශයට ජලය සැපයීම මේ මගින් සිදුවිය.

2. ගසූකර නිරංජර අමුණ :- මෙය වර්තමාන එබවල පිටිය නම් ස්‌ථානයේ පිහිටා තිබුණි. එතැනින් ආරම්භ වූ ඇළ මාර්ගය නිකවැරටියේ මාගල් වැවට ගලා ගියේ ය.

3. ගදෝර දත්තික අමුණ :- හක්‌වටුනා ඔය හර කිඹුල්වානා ඔය එක්‌ වන ස්‌ථානයේ ඉදි කරන ලද්දකි.

මෙතැනින් හැරවූ ජලය තලගල්ල වැවට ගලා ගියේය.

ඉහත දක්‌වන ලද සංවර්ධන ව්‍යාපාර මගින් පැවතුණු වගාබිම් ප්‍රමාණය විශාල වශයෙන් වැඩි කරගත හැකිවිය.

පඬා වැව :- අක්‌කර දහසක ජල ධාරිතාවක්‌ ඇතිවන පරිදි විශාල කරන ලඳී. තවත් වැව් 53 ක්‌ අලුත්වැඩියා කරවය.

පොළොන්නරුවේ රජවමෙන් පසු කරවන ලද පරාක්‍රම සමුද්‍රය මේ රජුගේ ප්‍රධානතම වාර් කර්මාන්තය විය. එහි වැව් කණ්‌ඩිය දිගේ සැතපුම් 8 ක්‌ හා උසින් අඩි 40ක්‌ විය. අක්‌කර 18,200 ක වපසරියක්‌ සඳහා මින් දියවර සැපයිණි. මෙම වැව එකල "මහා සුමද්‍ර" නමින්ද හඳුනවා ඇත. මෙතුමා විසින් ඉදිකරන ලදැයි සඳහන් වන "මහින්ද තඩාග' නම් වැව 1 වන අග්බෝ රජු කරවූ වැව විය හැකිය. මෙතුමා එය ප්‍රතිසංස්‌කරණය කිරීම හෝ විශාල කිරීම කර ඇත. "පරාක්‍රම සාගරය" පරාක්‍රම සමුද්‍රය හා මින්නේරි ඔය අතර ඉදිකරන ලද්දක්‌ විය හැකිය. එයට ජලය සපයන ලද්දේ අචිරවතී ඇළ මගිනි.

පරාක්‍රමබාහු රජුට පසුව විශාල වැව් කිසිවක්‌ ඉදි නොවීය. නිශ්ශංක මල්ල රජු ඉදිකළ නිශ්ශංක සමුද්‍රය පරාක්‍රම පුර අසල ඇති පඬාවැව බවටද මතයක්‌ ඇත. මේ රජතුමා විසින් කලින් තිබුණ පඬාවැව විශාල කර බැඳීමෙන් පසු තමාගේ නම ඊට යෙද බව සිතිය හැකිය. කල්‍යාණවතී රැජින විසින් කුරුණෑගල අසල පිහිටි බලතගොඩ වැව ප්‍රසිසංස්‌කරණය කරවූ බව වංශ කතාවේ සඳහන් වේ.

කර්මාන්ත :-
යකඩ හා වානේ කර්මාන්තය ප්‍රධාන කොට යකඩ , පේෂකර්ම , කුඹුල්, වඩු , පෙදරේරු , මැණික් පතල් ආදී ස්‌වංපෝෂිත සමාජයකට අවශ්‍ය කර්මාන්ත රාශියක්‌ පොළොන්නරු යුගයේ පැවතුණි. යකඩ හා වානේ කර්මාන්තය ඉතා වැදගත් වූයේ කෘෂි සමාජයකට අවශ්‍ය සියලුම මෙවලම් සහ යුද්ධ කාර්ය සඳහා අවි ආයුධ ද එමගින් නිෂ්පාදනය කළ බැවිනි.

හිඟකුරක්‌ගොඩ, බටුකොටුව ප්‍රදේහයෙන් මේ කාලයට අයත් ලෝහ නිෂ්පාදනය කළ ස්‌ථානයක නටබුන් සොයාගෙන ඇත.
මධ්‍යම කඳුකරයේ අනුරාධපුර යුගයේ පටන් යකඩ කර්මාන්තය පැවතිණි.

(c) Shilpa Sayura Foundation 2006-2017