රටේ ආර්ථිකය දියුණු කිරම සඳහා නිශ්ශංක සමුද්‍රය, පාණ්‌ඩි විජය කකුලම් හා පාණ්‌ඩිවාපි යන වැව් අලුතින් ඉදිකරවන ලඳී.
පෙර සිටි රජුන් ඉදිකළ වැව් ප්‍රතිසංස්‌කරණය කරමින් රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ද පියවර ගත්තේ ය.
බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය උදෙසා දුසිල්වත් මහණුන් සිවුරු හරවා බුදු සසුන පිරිසිදු කළේ ය.
පොළොන්නරුවේ රන් කොත් වෙහෙර, කිරි වෙහෙර, හැටදාගෙය නමැති දළදා මන්දිරය සහ සත්මහල් ප්‍රාසාදය මෙතුමා විසින් ඉදිකරවන ලද ආගමික ගොඩනැගිලිය.
දඹුලු විහාර භූමියෙහි ඇති සෙල් ලිපියේ දුක්‌වෙන පරිදි එම විහාරය ප්‍රතිසංස්‌කරණය කරවා බුදු පිළිම හැත්තෑ දෙකක රන් ආලේප කරවා එය ස්‌වර්ණගිරි ගකුහා (රන්ගිරි දඹුල්ල) යනුවෙන් නම් කළේ ය.
නිශ්ශංක මල්ල රජකුමා ශ්‍රි පාදස්‌ථානයට ගොස් වැඳ පුදා ගත් අතර එහි වන්දනාවේ යන සැදුහැවතකුන් සඳහා මාර්ග පහසුකම් ද වැඩි දියුණු කළේ ය.
නිශ්ශංක ලතා මණ්‌ඩපය නම් වූ කලාත්මක, අලංකාර, නිර්මාණය හා නිශ්ශංක රජ මාලිගය මේ රජු විසින් කළ දෑ අතර වැදගත් ය.
නිශ්ශංක මල්ල රජු පාණ්‌ජ්‍ය, චෝල යන රාජ්‍ය වලින් කප්පම් ලබාගත් බවද කර්ණාට, වංග, ඔරිස්‌සා, ආන්ද්‍ර, ගකුරරාට, බුරුමය සහ කාම්බෝජය යන රටවල් සමඟ මිත්‍ර සම්බන්ධතා පැවැත්වූ බවද කියැවේ.