නිශ්ශංක මල්ල රජු පිළිබඳව වංශ කතාවෙහි ඇත්තේ කෙටි විස්‌තරයකි. එතුමා විසින් පිහිටුවන ලද සෙල්ලිපි රාශිය නිසා ඔහුගේ රාජ්‍ය කාලය පිළිබඳව තොරතුරු බහුලය. ඔහු ආත්ම වර්ණනාවෙහි දක්‌ෂයෙක් බව මෙම සෙල්ලිපි වලින් පැහැදිලි වෙයි.
සෙල්ලිපි වැඩිම ප්‍රමාණයක් පිහිටවූ රජු ලෙස ද එතකුමා ඉතිහාසගත් ව ඇත. ලංකාවේ දුනට හමු ව ඇති දීර්ඝතම සෙල්ලිපිය වන "ගල්පොත'' නිශ්ශංක මල්ල රජුගේ නිර්මාණයකි.
ලංකාවේ සිහසුනට කාලිංග වංශිකයන්ට උරුමය, රජුගේ ආර්ථික හා සමාජ සේවාවන්, පරිත්‍යාග සහ විවිධ පෞද්ගලික තොරතුරු හා අනිකුත් දේශපාලනික තොරතුරු මෙම සෙල්ලිපි වලින් ලබා ගත හැකිය.
ඒවා උදාහරණ 3ක් පහත දැක්වේ.
1. "කණා මැදිරියා සූර්යා ප්‍රභවයට ද, වටුවා හස්‌තිරාජයාටද, කැණහිලා සිංහයාට ද භාව කරන්නා සේ ගොවියකු වූ ඇත්තන් රාජ ලීලාව නොපැතුව මනාය"
පොළොන්නරුවේ දළදා මැදුර අසල සෙල් ලිපිය.
2. "කප්රුක පිහිටි තැන විෂ රුක් හිඳුවන්නා සේ කාලිංග වංශයට හිමි ලක්‌දිව බුද්ධ ශාසනයට ප්‍රතිපක්‌ෂ වූ අබෞද්ධ වූවන් නොපිහිට විය යුත්තේ ය" - ගල්පොත ලිපිය.
3. "මේ නිශ්ශංක මල්ල ස්‌වාමීන් දියනෑමෙන් පසු වැඩහුන් ස්‌ථානයයි" -
දැනට පොළොන්නරු කෞතකුකාගාරයේ ඇති සෙල් ලිපිය.
මෙම රජුගේ ශිලා ලේඛන රජරට පමණක් නොව රුහුණ හා දක්‌ඛිණ දේශයන්හිද හමුවී ඇත. මේ සෙල්ලිපි වලට අනුව රජතුමා රට වැසියාගේ යහපත සඳහා කටයුතකු කරමින් ජනතාවගේ හිත් දිනා ගනිමින් තම බලය ස්‌ථාවර කරගත් බව පෙනී යයි. අවුරුදු පහකට රටවැසියා බදු බරින් නිදහස් කළ බවත්, පෙර පැවැති සමහර බදු ඉවත් කළ බවත්, තවත් බදුවල රජයට ගෙවිය යුතු ප්‍රමාණය අඩු කර හා ඉවත් කළ ඔහු ඒ බව තම සෙල් ලිපිවල ලියවා ඇත.
නිශ්ශංක මල්ල රජ සිව්රඟ සෙනඟ පිරිවරාගෙන ත්‍රි සිංහලයේ (රුහුණු - මායා - පිහිටි) සංචාරය කළ බවද සඳහන් වේ. වසරක් පාසා තකුලාභාර නම් දානයක් (තමාගේ බරට සමාන මුදල් ගෙන එම මුදලින් දෙන ලද දානය) දුන් බවද දැක්‌වේ.
දුගී මගී යාචකාදීන්ට භවභෝග සම්පත් බෙදා දෙමින්ද උයන්, පොකුණු ආදිය තනවමින්ද ජනතාවට සේවය කළ බව ද බ්‍රාහ්මණයන්ට හා මහා සංඝයා වහන්සේට සංග්‍රහ කළ බවද සෙල් ලිපිවල සඳහන් කර ඇත.