ක්‍රි. ව. 1196 දී නිශ්ශංක මල්ල රජු මිය ගියේ ය.
නිශ්ශංක මල්ල රජුගෙන් පසු පොළොන්නරුවේ දේශපාලන තත්ත්වය අතිශයින්ම ව්‍යාකූල විය. ඉන්පසු ඔහුගේ පුත්‍රයා වූ වරබාහු රජව එක දවසක් රජ කළේ ය. නිශ්ශංක මල්ලගේ බාල සහෝදරයා 2 වන වික්‍රමබාහු නමින් ඊළඟට රජ විය. ඔහු රජ කළේ මාස තුනකි. නිශ්ශංක මල්ලගේ බෑනාවූ වොඩ් ගංගාදේව ඔහු මරා රජකම ලබා ගත්තේ ය. ඔහු මාස නවයක් රජ කළ පසු කීර්ති නම් සෙනෙවියෙකකු ඔහු අන්ධ කොට 1 වන පරාක්‍රමබාහුගේ අග මෙහෙසිය වූ ලීලිවතී බිසවට රජකම ලබා දුනි. ඇය අවුරුදු 3ක් රජ කළා ය. මේ කාලයේ සොළී ආක්‍රමණ තුනක් ලංකාවට එල්ලවිය. කීර්ති සෙනෙවියා විසින් ඒවා මැඩ පවත්වන ලදි.
බුදල්නා සහ ආයස්මන්ත යන ඇමතිවරුන් මුල්ව සොළී රටේ ජීවත් වූ නිශ්ශංක මල්ල රජුගේ ඥාතී සොහොයුරෙකුට ලීලාවතී රැජිනගෙන් උදුරා ගත් රජකම ලබා දෙන ලඳී. ඔහු ක්‍රි. ව. 1200 දී සහාස මල්ල නමින් අවුරුදු දෙකක් රජ කළේ ය. ඉන්පසු නිශ්ශංක මල්ල රජුගේ දෙවන බිසව වූ කල්‍යාණවතී ආයස්මත්ත සෙනෙවියාගේ උපකාරයෙන් රජකම ලබා ගත්තා ය. ඇය ක්‍රි. ව. 1202 දී රජවූ ඇය වසර හයක් රජකම් කළාය. ආයස්මන්ත ඇමතියාම ඇය බලයෙන් පහකොට අවුරුදු තුනක් වයස ඇති ඇගේ බිළිඳු කුමාරයා වෙනුවෙන් රට පාලනය කරන්නට විය. මේ අවස්ථාවේ අනිකංග නම් දමිල සෙනවියෙක් ලංකාව ආක්‍රමණය කොට බලය අල්ලා ගති. දින 17 කට පසු චමුනක්ක
සෙනවියා ඔහු මරා නැවත ලීලාවතී බිසව රජ කරවීය.
ඉන්පසු ලෝකේශ්වර නම් කාලිංග කුමාරයා ලංකාව ආක්‍රමණය කොට බලය ලබාගෙන මාස 6ක් රජ කළේ ය. පරාක්‍රම සෙනවි ඔහු එලවා දමා නැවත ලීලාවතියට රජකම බලාදුනි. ඉන් මාස 7කට පසුව පාණ්ඩ්‍ය දේශයෙන් පරාක්‍රම පණ්ඩු නැමැත්තා පොළොන්නරුව ආක්‍රමණය කොට බලය ලබාගෙන ක්‍රි. ව. 1212 - 1215 දක්වා අවුරුදු තුනක් රජ කළේ ය.
නිශ්ශංක මල්ල රජුට පසු පරාක්‍රම පණ්ඩු දක්වා කාලය පොළොන්නරුවේ දේශපාලන ඉතිහාසය රාජ්‍ය බලය සඳහා ඇතිවූ අරගල වලින් පිරීගිය කාල පරිච්ජේදයක් විය. මෙකල ඇමතිවරුන් හා සෙනෙවියන්ගේ බලය ඉස්මතුව රජවරු රූකඩ බවට පත්වීය. මෙරට අභ්‍යන්තර දේශපාලන අවුල් වලින් ප්‍රයෝජන ගත්තේ විදේශ ආක්රමණිකයන්ය.
ක්‍රි. ව. 1215 දී කාලිංග මාඝ නමැති දරුණු ආක්රමණිකයා 24,000 ක සේනාවක් සමඟ පැමිණ පරාක්‍රම පණ්ඩු රජුගේ ඇස් අන්ධ කොට පොළොන්නරුවේ රජවිය. පොළොන්නරුව රජ මාලිගය හා නගරය ද වෙහෙර විහාර ද කොල්ල කෑ ඔහු ඒ සියල්ල ගිනිබත් කළේ ය. මහජනතාවට අනේක විධ හිංසා පැමිණ වූ මේ කෲරතර පුද්ගලයා රජරට ජලාශ්‍රිත ශිෂ්ටාචාරය මුලිනුපුටා දැමීය. මහා සංඝයා වහන්සේ හා ප්‍රභූ ජනයා ද සාමාන්‍ය ජනයාගෙන් වැඩි පිරිසක් ද ආරකෂාව පතා කන්ද උඩරට, මායා රට හා රුහුණට පැමිණීම නිසා පොළොන්නරුව ජනශූන්‍ය විය. ක්‍රි. ව. 1215 සිට 1236 දක්වා වසර 26 ක්වූ කාලිංග මාඝගේ පාලන කාල තුලදී රජරට ප්‍රදේශය මුළුමනින්ම පරිහානියට පත්විය.